ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු දැන ගන්න දුරකථන අංක 2ක්

95

මේ වන විට ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරී තත්ත්වයත් සමඟ එරට සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිළිබඳ තොරතුරු ලබා ගැනීමට විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව +94716640560 අංකය ඔස්සේ වට්ස්ඇප් මගින් හෝ 1989 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්ෂණික දුරකථන අංකය හරහා තොරතුරු ලබාගැනීමට හැකියාව පවතී. මේ වන විට ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් අටදහසක් පමණ සේවය කරන අතර ඉන් සියයට අනූවක් සාත්තු සේවා සැපයීම්වල නිරත වෙති.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමඟ සම්බන්ධ වී එරට ශ්‍රී ලංකිකයන්ගේ තත්ත්වය පිළිබඳව විමසීම් කළ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මෙරට ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස දැනටමත් උපදෙස් ලබා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment