ඊශ්‍රායල ජාතිකයන්ට මාලදිවයිනට ඇතුළුවීම තහනම්

217

ගාසා තීරයේ ඊශ්‍රායල හමුදාවන් හා හමාස් සංවිධානය අතර පවතින සටන් හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයන්ට මාලදිවයිනට ඇතුළුවීම තහනම් කරන බව මාලදිවයිනේ ජනාධිපති කාර්යාලය විසින් නිවේදනය කර තිබේ. මාලදිවයිනේ ජනාධිපති කාර්යාලය විසින් පෙරේදා (02දා) නිකුත් කර තිබූ නිවේදනයකට අනුව කැබිනට් මණ්ඩලය විසින් කරන ලද නිර්දේශයක් මත ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිස්සු විසින් ඊශ්‍රායල ජාතිකයන්ට මාලදිවයිනට ඇතුළුවීම තහනම් කිරීමට තීරණය කර තිබේ.

මෙම නිවේදනය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ ඊශ්‍රායල ජාතිකයන් මින් ඉදිරියට මාලදිවයිනේ සංචාරය කිරීමෙන් වැළකී සිටිය යුතු බවත්, මාලදිවයිනේ දැනට සිටින ඊශ්‍රායල ජාතිකයන් එරටින් පිටව යෑම ගැන සළකා බැලිය යුතු බවයි. ඉකුත් වසරේදී ඊශ්‍රායල ජාතිකයන් 11,000ක් පමණ දෙනා මාලදිවයිනේ සංචාරය කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment