උද්දිකට කැනඩා පනින්න ගහපු ගේමක්

755

අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාට වෙඩි තැබීමේ සිද්ධිය ඔහුට කැනඩාවේ පුරවැසිභාවය ලබාගැනීමේ අරමුණින් සිදු කළ වෑයමක ප්‍රතිඵලයක් බවට සාක්ෂි සහිත තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සැලසුම්ගත වෙඩි තැබීම රංගනයක් බවට තොරතුරු වාර්තා වී ඇති අතර ඒ සඳහා භාවිත කළ පිස්තෝලය සහකාර පොලිස් අධිකාරිවරයකු වන සංජීව මහානාම නමැත්තාට අයත් බවත්, එය ඔහු වෙත පොලිස් දෙපාර්තමේන්තුව විසින් ලබාදී තිබූ රාජකාරි නිල ගිනිඅවිය බවත් හෙළිව තිබේ.

එම පිස්තෝලය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් ලබාගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය නියෝග කර තිබේ.

එම වාර්තාව ලැබුණු පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment