උසස් පෙළ හෙට ඇරඹෙයි

46

මෙවර අපොස උසස් පෙළ විභාගය හෙට (23 දා) ආරම්භ වන අතර ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් දුමිත් ජයසුන්දර මහතා “දිවයින ඉරිදා සංග්‍රහය ට පැවසී ය.

විභාගයට පෙනී සිටී ම සඳහා විභාගය ආරම්භ වීමට පැය භාගයකටවත් පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණීමට කටයුතු කරන ලෙස ඒ මහතා සිසුන්ගෙන් ඉල්ලා සිටී. විභාගයට පෙනී සිටින සිසුන් විභාගය සඳහා රැගෙන ඒමට තහනම් කර ඇති ජංගම දුරකථන ඇතුළු උපකරණ විභාග ශාලාවට රැගෙන නොයෙන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී.

විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් දෙලක්‍ෂ හැත්තෑඅටදහස් එකසිය අනූහය දෙනකු ද පෞද්ගලික අයදුම්කරුවන් පනස්තුන්දහස් පන්සිය දහතුන් දෙනකු පෙනී සිටීමට නියමිත ය. විභාගය හෙට (23 දා) ආරම්භ වී පෙබරවාරි 17 දා දක්වා පැවැත්වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment