උසාවි නියෝගයට බාධා කළ උලපනේ සුමංගල හිමි රිමාන්ඩ්

212

අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීමට බාධා කිරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියන් ඇතුළු තිදෙනකු ලබන 26 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (22දා) නියෝග කළේය.

නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි පැල්පත් නිවාස කිහිපයක් අධිකරණ නියෝග ලබාගෙන ඉවත් කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටියදී එකී අධිකරණ නියෝග නොතකා කටයුතු කිරීම නිසා උලපනේ සුමංගල හිමියන් ඇතුළු එම සැකකරුවන් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment