උ/නැ ඉඩම් – පොලිස් බලය දෙන්න පොහොට්ටුව එකඟවී නෑ – සාගර කාරියවසම්

276

උතුරු සහ නැගෙනහිර පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු එකඟතාවයක් දක්වා නැතැයි එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මේ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීම ගැන තම පක්‍ෂයේ ස්ථාවරය පැහැදිලි කළ බවද ඒ මහතා සඳහන් කළේය.

එහිදී පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීම සම්බන්ධව තමා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ද අදහස් දැක්වූ බවත් 1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මේ දක්වා පළාත් සභා සඳහා එම බලතල ලබා නොදුන්නේ ඇයි දැයි කියා පළමුව සොයා බැලිය යුතු බවත් සඳහන් කළ බවද ඔහු කීවේය. උතුරු සහ නැගෙනහිරට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනවරමක් ලැබී නැතැයි ද එසේ නම් ඒ මහතා අලුත් ජනවරමක් ලබාගත යුතු බව සරත් වීරසේකර මහතා දැනුම් දුන් බවද සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment