එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාවත්

59

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජාත්‍යන්තර වෙළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට තෝරාපත් කරගත් සාමාජිකයන් අතරට ශ්‍රී ලංකාව ද එක්ව සිටී.

සාමාජිකයන් 31දෙනකු තෝරාගැනීම පැවැති තරගයේ දී ශ්‍රී ලංකාව ආසියා පැසිෆික් කණ්ඩායමෙන් තරග කර ඇත. එහිදී ඡන්ද 171ක් ලබාගෙන ශ්‍රී ලංකාව තේරී පත් වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

ආසියා පැසිෆික් කණ්ඩායමෙන් තේරී පත්වූ සෙසු සාමාජික රටවල් වන්නේ මැලේසියාව, පිලිපීනය,

සිංගප්පූරුව, වියට්නාමය, චීනය, ජපානය සහ කොරියානු ජනරජය යන රටවල්ය.

ශ්‍රී ලංකාව 2025 ජනවාරි මාසයේ සිට වසර 06ක කාලයක් සඳහා මෙහි සේවය කරනු ඇත.

වියානා අගනුවර මූලස්ථානය පිහිටි මෙම කොමිසම ජාත්‍යන්තර වෙළෙඳ ක්‍ෂේත්‍රයේ මූලික නීතිමය ආයතනය වේ. වෙළෙඳාමට ඇති බාධා ඉවත් කිරීම සහ වෙළෙඳ නීති සුසංගත කිරීම ද මෙමගින් සිදු කරනු ලැබේ.

උපාලි ද සේරම්


advertistmentadvertistment