එජාපය 77ට කේක් කපයි

189

එක්සත් ජාතික පක්‍ෂයේ 77 වැනි සංවත්සරය සැමරීම ඊයේ (6දා) පිටකෝට්ටේ සිරිකොත මන්දිරයේදී පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ 2048 ජයගමු සංකල්පය අනුව යමින් එජාපය ඩිජිටල්කරණයට ලක්කිරීම ද ඊයේ සිදුවිය. පක්‍ෂයේ නිර්මාතෘන්ට උපහාර දැක්වීමෙන් පසු එහිදී සමරු කේක් එක කැපීමට එක්වූ එජාප සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, ජාතික සංවිධායක සාගල රත්නායක, උප නායක අකිල විරාජ් කාරියවසම්, සුනේත්‍රා රණසිංහ, අනෝමා ගමගේ ඇතුළු පිරිසක් මෙහි වෙති.


advertistmentadvertistment