රන් දිනූ තරුෂිලා කහවණුවලින් ඇගයෙති

435

2023 ආසියානු ක්‍රීඩා උළෙලේ දී රටට අභිමානයක් ගෙන දුන් පදක්කම් ලාභීන් අගයමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 28ක් තිළිණ කිරීමට පසුගියදා කටයුතු කළේය.

එහිදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ තරුෂි කරුණාරත්නට රුපියල් මිලියන 10ක් සහ ඇය දිනාගත් ලෝකඩ පදක්කම වෙනුවෙන් රුපියල් මිලියනයක් ප්‍රදානය කෙරුණු අතර, නදීශා ලේකම්ගේට රිදී පදක්කම වෙනුවෙන් රුපියල් මිලියන 5ක මුදලක් හිමි වුණි.

රිදී පදක්කම් දිනාගත් පසිඳු කොඩිකාර, අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පබසර නිකූ, රාජිත රාජකරුණා, දිනුක දේශාන්, නදීශා රාමනායක, සයුරු ලක්ෂිමා හා ජයේෂි උත්තරා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් මිලියනය බැගින් ප්‍රදානය වුණි.

රන් දිනූ තරුෂිලා කහවණුවලින් ඇගයෙති

එමෙන්ම පුහුණුකරුවන් ලෙස කටයුතු කළ සුසන්ත ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියන දෙකක් මෙන්ම ප්‍රදීප් නිශාන්ත මහතාට රුපියල් මිලියනයක් හිමි කෙරුණි.

advertistmentadvertistment
advertistmentadvertistment