එදා පත්තරෙන්… කොළඹ මධ්‍යම විදුලි පණිවුඩ කාර්යාලයේ බෝම්බ පිපිරීම

268

තිස් වසරක් තිස්සේ මෙරට පැවැති බිහිසුණු මිනීමරු ත‍්‍රස්තවාදයේ තවත් අපරාධයක් ලෙස ඉතිහාසයට එක්ව ඇති කොළඹ කොටුවේ වත්මන් විදුලි පණිවුඩ කාර්යාලයේ බෝම්බ පිපිරීම ඊට පසුදින 1986 මැයි 8 වැනි බ‍්‍රහස්පතින්දා ‘දිවයින’ මුල් පිටුව වාර්තා කර තිබූ අන්දම අද අපි ඔබට ඉදිරිපත් කරමු.
 
 අද මෙන් වර්ණ ඡුායාරූප අප පුවත්පතේ එදින පළ නොවුවද මෙරට පුවත් පත් මුද්‍රණයේ මුල් පිටුව තුළ විශිෂ්ට වූ නිර්මාණාත්මක මුල් පිටුවේ සැකසුමක් එහි අන්තර්ගත වූයේ කළු සුදු හා රතු පාට දෙක පමණක් භාවිත කරමිනි. එවක දිවයින ප‍්‍රධාන උප කර්තෘවරයාව සිටි මෙරිල් පෙරේරා එම මුල් පිටුව සැකසුවේය.
 
 මියගිය මුළු ගණන 11 ක්ය, 130 කට තුවාල… කොළඹ මධ්‍යම විදුලි පණිවුඩ කාර්යාලයේ බෝම්බ පිපිරීම 10 දෙනෙකුට බරපතළයි, 58 දෙනෙක් රෝහලේ, මළ සිරුරු 5 ක් හඳුනා ගනී, ජනෙලෙන් ලොරියක් උඩට පැනලා එතැනින් බිමට පැන්නා (සිද්ධියට මුහුණ දුන් අයකු දිවි බේරාගත් අන්දම කියන ප‍්‍රකාශයක් ආදී සිරස්තල හා ඡුායාරූප පමණක්ම එහි මුල් පිටුවේ අන්තර්ගත වූවේය. එහි මුල් පිටුවේ සේයා රූ අපේ ඡුායාරූප ශිල්පී බන්දු එස්. කොඩිකාර විසින් ගෙන තිබිණි. එම සිදුවීමේ පසුබිම් වාර්තා නෝමන් පලිහවඩන, අනුර හොරේසස් ලියා තිබිණි. සෙසු ඡුායාරූප සරණපාල පමුණුව, නිහාල් චන්ද්‍ර කුමාර, ටී. එම්. ජී. චන්ද්‍රසේකර යන අපේ මාධ්‍යවේදීන් විසින් ද ගෙන තිබිණි.
 
නාරද
මුල් පිටුව පිටපත් කිරිම කමල් බොගොඩ


advertistmentadvertistment