ඔකඳ දේවාලයෙන් ඇරඹි කතරගම පාද යාත්‍රාව

1

මෙවර කතරගම පාද යාත්‍රාව පසුගිය (30) දින උදෑසන ඔකඳ දේවාල භූමියෙන් ගමන් ආරම්භ කිරීම සිදු කරන ලදී. මෙම පාද යාත්‍රාවට හින්දු භක්තිකයින් විශාල ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත අතර ජාතික වනෝද්‍යාන දෙකක් හරහා සිදු වෙයි. මේ සඳහා යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියා, ත්‍රීකුණාමලය ආදී පෙදෙස් වලින් හින්දු භක්තිකයන් පැමිණෙන අතර සමහර දෙනා ඒ ඒ ප්‍රදේශවල සිට පා ගමනින් ඔකඳට පැමිණෙති. පා ගමනින් ඔකඳ දේවාලයට පැමිණෙන බැතිමතුන් යාපනය ආදී ප්‍රදේශවලින් පිටත් වන්නේ කුමන ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන ගේට්ටුව විවෘත කර තබන දිනයට මාස කීපයකට පෙරය. මඩකලපුව දෙසින් පැමිණෙන භක්තිකයින්ට හැඩ ඔය පසු කරනවාත් සමඟ පිවිසෙන්නේ පානම්පත්තුව හෙවත් ලාහුගල ප්‍රාදේශීය බල ප්‍රදේශයටය. එතැන් පටන් පානම, පානකල, කුඩිම්බිගල, ඔකඳ, භාගුරේ, කුඩා කැඹිලිත්ත, කුඹුක්කන් ඔය දක්වා ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් සැපයීම සිදු කරන්නේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසිනි.

ලාහුගල – ගයාන් චින්තක

advertistmentadvertistment
advertistmentadvertistment