ඔස්ටේ‍්‍රලියාවෙන් නව ඩෙල්ටා ප‍්‍රභේදයක්

736

ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නගරයෙන් නව ඩෙල්ටා ප‍්‍රභේදයක් හඳුනාගෙන ඇති බව ඔස්ටේ‍්‍රලියානු බලධාරීන් විසින් ප‍්‍රකාශ කර තිබේ. සිඞ්නි නගරය අයත් වන නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තයෙන් ඊයේ (08දා) උදෑසනින් අවසන් වූ පැය 24ක කාලය තුළදී කොරෝනා ආසාදිතයන් 646 දෙනෙකු වාර්තා වී ඇති අතර එම ආසාදිතයන් අතුරින් සිඞ්නි නගරයෙන් වාර්තා වූ ආසාදිතයන්ට ශරීරගත වී තිබූ ඩෙල්ටා ප‍්‍රභේදය දැනට පැතිරෙන ඩෙල්ටා ප‍්‍රභේදයට වඩා වෙනස් බව පෙනී ගිය බව ඔස්ටේ‍්‍රලියානු සෞඛ්‍ය බලධාරීහු පවසති.

 හඳුනාගෙන ඇති නව ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදනය වූවන් 8 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් 7 දෙනෙකු එකම පවුලේ සාමාජිකයන් බව පැවසේ. මෙම නව ඩෙල්ටා ප‍්‍රභේදය කොතරම් දරුණු ද හා ඉන් ආසාදිතයාට ඇතිවන බලපෑම හා එන්නත්වලට එම ප‍්‍රභේදය ඔරොත්තු දෙන්නේද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව බලධාරීහු පවසති. මේ අතර සිඞ්නි නගරයේ පනවා ඇති අගුලූ දැමීමේ සීමාවන් ලබන සතියේදී ඉවත් කිරීමට බලධාරීන් විසින් සැලසුම් කර ඇති බවද වාර්තා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment