කටුනායක කළහකාරී පුද්ගලයාට පොලිසියෙන් වෙඩි

285

කටුනායක 18 කණුව ප්‍රදේශයේ නිවසකට පහර දෙමින් කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු පාලනය කිරිම සඳහා එතැනට ගිය සීදූව පොලිසියේ නිලධාරීන් පිරිසක්, එම පුද්ගලයාගේ කකුලට ඊයේ (06 වැනිදා) උදෑසන වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

උදෑසන 10.15ට පමණ කටුනායක 18 කණුව මායිම් පාර ප්‍රදේශයේ නිවසකට කිසියම් පුද්ගලයකු පැමිණ පහර දෙමින් කළහකාරී ලෙස හැසිරෙන බවට, එම නිවෙස් හිමියන් සීදූව පොලිසිය වෙත පැමිණිළි කර තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එම ස්ථානයට යන විටත් ඔහු එම ස්ථානයේ රැඳී සිට ඇති අතර ඔහු පාලනය කර එතැනින් ඉවත් කිරීමට ප්‍රයත්න දරද්දී, ඔහු පොලිස් නිලධාරීන් වෙත ද පිහියක් රැගෙන ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් මෙම පුද්ගලයාට දණහිසෙන් පහළට වෙඩි තබා තිබේ.

ගැටුමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා සහ පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ සැකකරු වෛද්‍ය ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. සීදුව පොලිස්

ස්ථානාධිපති ධනුෂ්ක බණ්ඩාර මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

චමින්ද සිල්වා, කටුනායක – ආනන්ද නිශ්ශංක සහ ගුවන්තොටුපොළ – ටී. කේ. ජී. කපිල


advertistmentadvertistment