කථිකාචාර්යවරයා ලියූ පොත් මෑණියන්ට පිළිගන්වයි

5

බොහෝවිට කෙනෙක් පොතක් ලියා මුද්‍රණය කළ පසු එහි පළමු පිටපත පිළිගන්වන්නේ තම ගුරුවරයකුට හෝ වෙනත් සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයකුටය. එහෙත් එයට වඩා වෙනස් විදියේ පළමු පිටපත් පිළිගැන්වීමක් බූස්සේදී දැකගත හැකිවිය.

රුහුණු විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දේව මයිකල් ද සිල්වා මහතා විසින් රචනා කරන ලද නවතම ශාස්ත්‍රීය ග්‍රන්ථ හතර වූ ‘නිදහසට පෙර ශ්‍රී ලංකාවේ ස්වේච්ඡා සමිති සංවිධාන සහ දේශපාලන පක්ෂ’, ‘ශ්‍රී ලංකාවේ දේශපාලන බලය හා කුල සාධකය’, ‘මාක්ස්වාදි දර්ශනය සහ ලාංකික විප්ලවයේ ගැටලු’, ‘ගාල්ලෙන් මතු වූ ත්‍රිභාෂා සෙල්ලිපිය’ යන ග්‍රන්ථවල මුල් පිටපත් මේ වනවිට 104 වනවියේ පසුවන පැස්කුවල්හන්දි සිවුන්හාමි මෑණියන්ට බූස්ස පරණවත්ත සිය නිවසේදී පිළිගැන්වූ අවස්ථාව ඡායරූපයෙහි දැක්වේ.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment