මුරලිගේ ජීවිත කථාවට අදාල ප්‍රචාරක පටය එළිදකී

219

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම හිටපු ලෝක පූජිත ශ්‍රී ලංකා දඟපන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇතුළත් කර නිර්මාණය වුණු 800 චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ඨට ක්‍රීකඩයෙකු වන සචින් තෙන්ඩුල්කාර් සහ ජාත්‍යන්තර කීර්තියට පත් ඉන්දියාවේද අතිශය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වුණි. ඉන්දියාවේදී ඊයේ එළිදැක්වූ මෙය
තත්ත්පර 186 කින් යුතු ප්‍රචාරක පටයක් ලෙසින් නිෂ්පාදනය කර ඇත.
මෙහි ප්‍රධාන චරිතය පණ පොවන්නේ ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ ස්ලම්ඩෝග් මිලියනර් චිත්‍රපටයටද රංගනයෙන් දායක වූ මධූර් මිත්තාල් ය. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය එම්.එස් ශ්‍රීපති විසිනි.ඉන්දියානු මෙන්ම ලාංකීය රංගන ශිල්පීන්,ශිල්පිනියන් යොදාගෙන නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය ඉන්දියානු මෙන්ම ලාංකීය රංගන ශිල්පීන්,ශිල්පිනියන්ද යොදාගෙන ඇත. දමිළ , හින්දි හා තෙළිඟු‍ භාෂා වලින් නිර්මාණය කරන මෙම චිත්‍රපටය මෙම වසරේ ඔක්තෝම්බර් මස 06 වැනිදා සිට තිරගත කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මුරලිගේ 800 චිත්‍රපටයට පාදක වී ඇත්තේ සිංහල කලහකාරීන් පිරිසක් ගිනිතබා විනාශ කළ වතුකරයේ ව්‍යාපාර හිමි පවුලකින් පැවත එන දෙමළ තරුණයෙකු ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වූ ූ ආකාරයයි.
දිනේෂ්

advertistmentadvertistment
advertistmentadvertistment