කම්කරු වැටුප රු. 1700 ගැසට්ටුව බල රහිත කරන්නැයි වතු හිමියන්ගෙන් රීට් ආඥා පෙත්සමක්

22

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ දැමියයුතු බවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා පසුගිය මැයි 21 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි කළ ඉල්ලීම අභියාචනාධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් වතු හිමියන්ගේ සංගමය විසින් ගොනු කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 24 වැනිදා කැඳවීමට ශ්‍රේෂඨාධිකරණය ඊයේ (19දා) නියෝග කළේය.

වතු හිමිකරුවන්ගේ සංගමය විසින් නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනුකර තිබූ එම පෙත්සම ඊයේ (19දා) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස හා පෙත්සම් විභාගය අවසන් වනතුරු එය ක්‍රියාත්මක කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි වතු හිමියන්ගේ සංගමය එම රීට් ආඥා පෙත්සම මගින් ඉල්ලා තිබිණි. කෙසේ නමුත් ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු වතු කම්කරු වෘත්තීය සමිති වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ශමින්ද්‍ර රුද්‍රිගෝ මහතා හා කම්කරු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල පසුගිය 3 වැනිදා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට තිබිණි. පෙත්සම්කාර වතු හිමිකරුවන්ගේ සංගමය හා වතු හිමිකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment