හමුදා නිලධාරියාගේ නොසැලකිලිමත් රිය ධාවනයෙන් වාහන පහක් චප්ප වෙයි – වාහන දෙකකට මැදි වූ අයෙක් මරුට තුනක් රෝහලේ

806

රතු පාටින් පනින්න රේස් ගිය

මොරටුව දුම්රියපල ස්ථානයට යාබද නව ගාලු‍ පාරේ යුධ හමුදා නිලධාරියෙකු පැදවූ වූ වෑන් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මාර්ගයේ ගමන් කළ පාපැදිකරුවෙකු සහ වෑන් රථයකට,ලොරි රථ දෙකකට සහ යතුරු පැදියකට දැඩි අලාභ සිදු වී ඇත.

මෙම අනතුරෙන් මාර්ගය ගමන් කළ වයස අවුරුදු 53 පානදුර, හොරේතුඩුව, ගඟ හෙළ පාරේ (වඩු කාර්මික) පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර එම පුද්ගලයා මියගොස් ඇත්තේ වෑන් රථය සහ කුඩා ලොරි රථයට මැදිව මියගොස් ඇත. මෙම අනතුර සිදුවන අවස්ථාවේ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයේ නවතා තිබූ කුඩා ලොරි රථයේ රියදුරු අනතුර සිදුවන අවස්ථාවේ ලොරියේ යට කාර්මික දෝෂය පරීක්ෂා කරමින් සිට ඇති අතර මෙම අනතුරෙන් එම පුද්ගලයා (අවුඃ23) සහ මාර්ගයේ ගමන් ගත් කාන්තාවක (අවුඃ73) සහ තවත් පුද්ගලයෙකු (අවුඃ50) තුවාල ලබා මොරටුව ලු‍නාව රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බව මොරටුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් ප්‍රකාශ කරන ලදී. අනතුර සිදු වන අවස්ථාවේ රථය ධාවනය කර ඇත්තේ රත්මලාන යුධ හමුදා කඳවුරට අනුයුක්ත යුධ හමුදා නිලධාරියකු වන අතර මොරටුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ පරීක්ෂාවෙන් යුධ හමුදා නිලධාරියා අනතුර සිදුවන ස්ථානයට යාබදව ඇති මාර්ග සංඥාවේ රතු වර්ණය දැල්වීමට ආසන්නව ඇති අවස්ථාවේ වේගය වැඩි කරමින් මාර්ග සංඥා වෙන් ගමන් කිරීමට ගත් උත්සාහයෙන් රථය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවත් නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් මොරටුව පොලීසියේ රථවාහන අංශය නිරීක්ෂණයෙන් අනාවරණය වී ඇත.

මේ වන විට වෑන් රථය ධාවනය කළ යුද හමුදා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මොරටුව රථ රථවාහන අංශයෙන් සිදු කරනු ලබයි.
අසංග ප්‍රනාන්දු – මොරටුව

advertistmentadvertistment
advertistmentadvertistment