හන්දිපත් රුදාවට දෙන කෝකටත් තෛලය

1050

මැදිවියට පත්වන විට බොහෝ දෙනාට ඇතිවන රෝග තත්ත්වයක් වනුයේ හන්දිපත් වේදනාවය. මෙලෙස හන්දිපත්වල වේදනාවක් ඇති වනවිට ඔවුන් පවසන්නේ හන්දිපත් රුදාව හටගෙන ඇති බවය.

හන්දිපත් වේදනාව යනු කුමක්ද?

අපගේ සිරුර නිර්මාණය වී ඇත්තේ සන්ධි විශාල ප්‍රමාණයක් ඒකරාශි වීමෙනි. කොඳු ඇට පෙළ, දණහිස, වැලමිට, උරහිස ආදී සන්ධි ඊට නිදසුන් කිහිපයකි.

මෙම සන්ධි සෑදී ඇත්තේ විවිධ කොටස් ඒක රාශි වීමෙනි. අස්ථි, කාටිලේජ, බන්ධනී පර්ශු ආදි කොටස් සන්ධියක පවතී. මේවා පෝෂණය වන්නේ අප ගනු ලබන ආහාරවල ඇති සප්ත රසයෙනි. රස, රක්ත, මාංශ, මේද, අස්ථි, ඇට මිඳුළු සහ ශුක්‍ර ලෙස එම සප්ත රස කොටස් නම් කර ඇත.

මෙම පෝෂණය නිසි ලෙස සන්ධිවලට නොලැබුණුවිට ඒවායේ ක්‍රියාකාරීත්වය දුර්වල වීමට පටන් ගනී. එනම් වියළීමට ලක්වේ. ඝණ වීමකට පත්වේ. දිරාපත්වීම සිදුවේ. මේ ආදි ලෙසින් සන්ධි දුර්වලවීමට පටන්ගත්විට ඒවා ක්‍රියාකරනවිට වේදනාවක් හටගනී.

හන්දි වේදනාව සමනය කිරීම

සන්ධි වේදනාවට ලක්වනවිට එහි ඉදිමුමක් ඇතිවේ. ඉන්පසු එහි ක්‍රියාකාරීත්වය සිදුවනවිට වේදනාවක් හටගනී. මෙවැනි අවස්ථාවකදී නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවී ප්‍රතිකාර ලබාගත යුතුය. අප නියෝජනය කරන්නේ රාවණා රජතුමා, පුලස්ථි ඍෂිවරයා සහ මහාකන්දා වැදිපරපුර අතුරින් පැවැත එන වෙද පරපුරකි. වසර දහසකට අධික කාලයක් තිස්සේ පැවැත එන මෙම වෙද පරපුර තුළ සන්ධි රෝග සඳහා විශේෂිත තෙල් වර්ග නිපදවා ඇත. ජීව බල ලෙස හඳුන්වන මෙම තෙල් වර්ග නිපදවා ඇත්තේ දේවදාර, බිං කොහොඹ, මුරුංගා, රත් හඳුන්, තල තෙල්, හීන් අරත්ත ආදී ඖෂධ වර්ග 108කට ආසන්න ප්‍රමාණයක් භාවිත කරමිනි.

මෙය සන්ධි රෝගවලදී සන්ධි මත ආලේප කිරීමට පානයට ආදී ලෙසින් ලබාදේ. මෙම තෙල් වර්ගය වරුවක් දෙකක් පානය කළවිට සහ රත්කර ආලේප කළවිට පවතින වේදනාවන් කඩිනමින් පහව යන බව අත්දැකීමෙන් ලබා ඇත.

මෙම තෙල් වර්ගය සන්ධි රෝගවලට මෙන්ම වෙනත් රෝග සඳහා ද පානය කළ හැකියි. ආතරයිටීස්, පිළිකා, ස්නායු දුර්වලතා, ලිංගික බෙලහීනතා, කුෂ්ට රෝග, ආහාර මාර්ගය ආශ්‍රිත පවතින ජීර්ණ අපහසුතා රෝග, පීනස ආදී විවිධ රෝග සඳහා මෙම තෙල් භාවිත කරන නිසා “කෝකටත් තෛලය” ලෙස මෙය හඳුන්වයි.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0778985757 ඇමැතිය හැකිය.

හන්දිපත් රුදාවට දෙන කෝකටත් තෛලය

ආයුර්වේද, පාරම්පරික, දේශීය, සර්වාංග, රස වෛද්‍ය ආචාර්ය වෛද්‍ය
වජිරජීව සරත් කුමාර
ජීව බල වෙදමැඳුර අංක 46/2/4,නැඟෙනහිර මාවත, කිරිල්ලවල, කඩවත

advertistmentadvertistment
advertistmentadvertistment