කය මෙන්ම සිත ද සැමදා පවිත්‍ර කර ගැනීමට බැරිද

79

බුදු රජාණන් වහන්සේගේ නවඅරහාදි ගුණ ටිකක් වේලා මෙනෙහි කරමින් සිතේ ශ්‍රද්ධාව වඩවා ගන්න. මේ සඳහා ස්වකීය භාෂාවෙන් අර්ථය සිහිකර ගනිමින් ඉතිපිසෝ ගාථාව කිහිප වරක් සිහියට නඟා ගන්න. දෙවනුව ටික වේලාවක් සියලුම සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය වඩන්න. තෙවනුව තම තමන්ගේ ශරීර තුළ පවතින පිළිකුල් සහගත ස්වභාවය ගැන සිතන්න. මේ ශරීර කෙතෙක් පිරිසිදු කර හැඩ වැඩ කලත් එය නැවත නැවත ජරාවට පත් වන්නේ ස්වභාවයෙන්ම මෙය පිළිකුල් සහගත නිසාය. සිව්වැනිව කිසියම් දිනක අන් සියලුම සත්ත්වයන් මෙන්ම තමා ද මරණයට පත්වන බව මෙනෙහි කොට නිදාගන්න. මෙය ටික කලක් අඛණ්ඩව දිනපතා කරන විටදී මෙහි ඇති වටිනාකම මෙන්ම සත්‍ය ද තමාටම දැනෙනු ඇත.

ආශාවන් තුනී වී ආශාවන් පසුපස හඹායන ගති අඩුවීම, තරහ යන ගතිය අඩුවීම, වෛරය, ද්වේෂය හීනවී යෑම, නොරිස්සුම් ගති පහව ගොස් සිතේ කරුණාව අනුකම්පාව දයාව තුළින් කලකිරීම් පසුතැවීම් උපේක්ෂාවෙන් දරා ගැනීමට හැකිවීම ලෙඩ දුක් හා මරණ හමුවේ දුක් නොවී පසුතැවිලි නොවී සිටීමේ මානසික ශක්තියක් ඇති වෙයි.

කුඩා දරුවාගේ සිට වියපත් මහල්ලා දක්වා සෑම කෙනකුම ශරීරය පිරිසිදුව තබා ගැනීමට උනන්දු වෙයි. කොතරම් කාර්යබහුල අයකු වුවද දිනපතා කිසියම් කාලයක් දත්මැද මුහුණ කට සෝදා ගැනීමයට හා ඇඟපත පවිත්‍ර කොට නා ගැනීමට කාලය මිඩංගු කරන්නේ, එතුළින් සුවයක් ලැබෙන නිසාම ය. එසේ ශරීරය පවිත්‍ර කරගත් විට ගත සිත ප්‍රබෝධවත් වී කිසියම් නැවුම් බවක් දැනෙයි. රෝග පීඩාවක් හේතුවෙන් ස්නානාය කිරීමට නොහැකිව දින කීපයක් සිටින විට ශරීරයට පීඩාවක් මෙන්ම අපහසුතාවක් දැනෙයි. එවැනි අවස්ථාවන්ට පත්වූ බොහෝදෙනකු පවසන්නේ රෝගයට වඩා නාන්නට නැති අමාරුව වැඩිපුර දැනෙන බවය.

කය මෙන්ම සිත ද සැමදා පවිත්‍ර කර ගැනීමට බැරිද

අපගේ ශරීර දිනපතා කෙසේ පිරිසිදු කරගත්තත් එය නැවත නැවත අපිරිසිදු වන්නා සේම, සිත ද නිරතුරුවම අපිරිසිදුතාවන්ට ගොදුරු වෙයි. එය තමාටවත් නොහැඟෙන, නොපෙනෙන ස්වභාවයෙන් යුක්තය. ශරීරය අපිරිසිදු වූ විට එය තමාට මෙන්ම දකින අයට ද පිළිකුලක් දැනෙන නිසා, ශරීරය පවිත්‍රව තබා ගැනීමට උනන්දු වන බොහෝදෙනා, බාහිරට නොපෙනෙන සිත අපිරිසිදු වූ විට එය පිරිසිදු කර ගැනීමට නොසිතති. උනන්දු නොවෙති. රාග, ද්වේෂ, මෝහාදී චේතනා හෙවත් නා නා විධ ආශාවන්, තරහගති හා හරි වැරදි නිවරදිව තේරුම් නොගෙන කටයුතු කිරීම නිසා සිත් අපවිත්‍ර වෙයි.

මෙකල මිනිසුන්ගේ අධ්‍යාත්මික පරිහානියට මූලික හේතුව වී ඇත්තේ ද තම ශරීරය පිරිසිදු කර අලංකාරව තබා ගැනීමට කාලය වෙන්කරගන්නා බොහෝදෙනකු, තම සිත පවිත්‍ර කොට පෝෂණය කිරීමට දිනපතා අවම වශයෙන් විනාඩි දෙක තුනක්වත් වැය නොකිරීමය.

අප ජීවත්වන ගෙදරදොර, වත්තපිටිය ආදී පරිසරය වුවද දිනපතා අතුගා පිරිසිදු කරගත් විට සිරියාවන්ත බවක් ගෙනදෙයි. නමුත් එය දිනපතා කර ගැනීමට නොහැකි වුවොත් එවන් තැනක සිටීමට පවා ප්‍රියමනාපයක් නැතිව යයි. සිතේ ස්වභාවය ද එසේමය. එය දිනපතා පිරිසිදු කර

ගැනීමට හැකි අයගේ සිත් සුවයෙන් හා සැහැල්ලු ගතියෙන් පවතී. එවන් අයගේ මුහුණුවල පවා අමුතුම සිරියාවක් ඇතිවන අතර එවන් අය දකින අය තුළ ද පැහැදීමක්, ප්‍රසාදයක් ඇති කරවයි.

අද ගම් දනව් පුරා රූපලාවන්‍යාගාර දකින්නට ලැබෙන අතර ඒවාට ගොස් තම රූපය අලංකාර කර ගන්නෝ ද බොහෝ වෙති. ඒ වෙනුවෙන් මුදලින් දහස් ගණනින් ගෙවීමට ද ලෝභ නොවෙති. දීර්ඝ බෞද්ධ සංස්කෘතියකට උරුමයක් ඇති අපේ

මුතුන් මිත්තණියන් තම සිත කය දෙකම පිරිසිදු කරගැනීමට එදා ගියේ පන්සලටය. මේ නිසාම වැවයි-දාගැබයි, ගමයි-පන්සලයි අපේ උරුමය විය. එදා සතියකට වරක් නැතිනම් හතර පෝයට පන්සලට ගොස් සිත පිරිසිදු කරගත් මෙරට බෞද්ධ ජනතාව මනා කායික හා මානසික පාරිශුද්ධභාවයෙන් යුක්තව සිටි බව දැනට අවුරුදු 60, 70 පසුකළ වැඩිහිටියෝ හොඳින් දනිති.

මෙකල වැඩි පිරිසක් පන්සලකට ගොස් සිල් සමාදන් වන්නේ හෝ මල් පහන් පූජා කරන්නේ පසළොස්වක පෝය දිනයට පමණකි. පුරා මාසයක්ම අපිරිසිදු වූ සිත් එක දිනක සුළු වෙලාවකින් පවිත්‍ර කරගත හැකි ද යන්න සිතා බලනු වටී. මාසයක් පිරිසිදු නොකර පැවැති ගෙයක් මිදුලක් වුව ද නැවත පවිත්‍ර කිරීමට කෙතරම් වෙලාවක් හා ශ්‍රමයක් යෙදවිය යුතු ද. එසේ නම් මාසයක් හෝ ඊටත් වැඩි කාලයක් අපිරිසිදු වුණ සිතක් පසළොස්වක පෝය දිනක සුළු වෙලාවක් තුළදී පිරිසිදු කර ගැනීමට නොහැකිමය. සිත පිරිසිදු කර ගැනීමට පන්සලකටම යා යුතු යැයි නියමයක් ද නැත. දිනපතා නෑමට, දත් මැදීමට ඇඳුම් පිරිසිදු කර ගැනීමට කාලයක් යොදවන්නාක් මෙන්ම තම තමන්ගේ සිත් පිරිසිදු කරගැනීමට ද සුළු වෙලාවක් වෙන්කර ගැනීමට බැරි, එහි ඇති වටිනාකම බොහෝදෙනකු නොදන්නා නිසාය. එසේම සිතේ අපිරිසිදුභාවය පිටට නොපෙන්වා, නොහඟවා සිටීමට හැකි වීම නිසා ද සිත පිරිසිදු කරගැනීමට උන්නදු නොවෙති.

සිත පිරිසිදුව ආරක්ෂා කරගැනීමේ වටිනාකම තේරුම්ගෙන ඒ සඳහා වෙනම කාලයක් යොදා ගැනීමට නොහැකි නම් කෙතරම් කාර්යබහුල අයකු වුවත් මුලින්ම නිදා ගැනීමට පෙර නිදියහනේම වාඩිවී චතු ආරක්ෂක භාවනාව සිහි කරන්න. බොහෝදෙනකු දන්නා පහත සඳහන් ගාථා ධර්මයේ මෙකී භාවනාව අන්තර්ගත කොට ඇත.

නමාමි බුද්ධං ගුණසා ගරං තං
සත්තා සදා හොන්ති සුඛී අවේරා
කා යෝති ගුජ්ජෝ සකලෝ දුගන්ධො
ගජ්ජන්ති සබ්බේ මරණං අහංච

බුදු රජාණන් වහන්සේගේ නවඅරහාදි ගුණ ටිකක් වේලා මෙනෙහි කරමින් සිතේ ශ්‍රද්ධාව වඩවා ගන්න. මේ සඳහා ස්වකීය භාෂාවෙන් අර්ථය සිහිකර ගනිමින් ඉතිපිසෝ ගාථාව කිහිප වරක් සිහියට නඟා ගන්න. දෙවනුව ටික වේලාවක් සියලුම සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය වඩන්න. තෙවනුව තම තමන්ගේ ශරීර තුළ පවතින පිළිකුල් සහගත ස්වභාවය ගැන සිතන්න. මේ ශරීර කෙතෙක් පිරිසිදු කර හැඩ වැඩ කලත් එය නැවත නැවත ජරාවට පත් වන්නේ ස්වභාවයෙන්ම මෙය පිළිකුල් සහගත නිසාය. සිව්වැනිව කිසියම් දිනක අන් සියලුම සත්ත්වයන් මෙන්ම තමා ද මරණයට පත්වන බව මෙනෙහි කොට නිදාගන්න. මෙය ටික කලක් අඛණ්ඩව දිනපතා කරන විටදී මෙහි ඇති වටිනාකම මෙන්ම සත්‍ය ද තමාටම දැනෙනු ඇත.

ආශාවන් තුනී වී ආශාවන් පසුපස හඹායන ගති අඩුවීම, තරහ යන ගතිය අඩුවීම, වෛරය, ද්වේෂය හීනවී යෑම, නොරිස්සුම් ගති පහව ගොස් සිතේ කරුණාව අනුකම්පාව දයාව තුළින් කලකිරීම් පසුතැවීම් උපේක්ෂාවෙන් දරා ගැනීමට හැකිවීම ලෙඩ දුක් හා මරණ හමුවේ දුක් නොවී පසුතැවිලි නොවී සිටීමේ මානසික ශක්තියක් ඇති වෙයි.

සිත පිරිසිදු වනවිට දී ඔහුගේ ගතිගුණ ද පිරිසිදු වෙයි. තම නිවස මෙන්ම අවට පරිසරය ද පිරිසිදුව තබා ගැනීමට උනන්දුවක් ඇතිවෙයි. කරන රැකී රක්ෂා කටයුතු කාර්යක්ෂමව නිවැරදිව, පිරිසිදුව කරගෙන යෑමට හැකිවෙයි. කායිකවත් මානසිකවත් නිරෝගි පිරිසිදු පුද්ගලයකු බවට පරිවර්තනය වෙයි.

මාසයකට වරක් සිල් සමාදන් වී හෝ මල් පහන් පූජා කළ පමණින් සිත පවිත්‍ර කරගැනීම කළ හැකි ද යන්න තම තමාම තේරුම් ගන්න. තම ශරීරය මෙන්ම අප එදිනෙදා ප්‍රයෝජනයට ගන්න සෑම දෙයක්ම එදිනෙදාම පිරිසිදු කරග්නනාක් මෙන්ම, අප උපන් මොහොතේ සිට මැරෙන තුරුත් ඉන් නොනැවතී භවයෙන් භවයට විවිධ ස්වරූප ගනිමින් ක්‍රියාත්මකව පවතින සිත දිනපතා පිරිසිදු කළ යුතු ද නැද්ද යන්න මෙම ලිපිය කියවූ ඔබම නිගමනයකට බැසගන්න.

කොබ්බෑවල සුමනදාස වීරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment