කරණීයමෙත්ත සූත්‍රය විකෘති කිරීම ගැන සී.අයි.ඩී. පරීක්ෂණ

179

නැවත නැවත ෂෙයා කරන්න එපා – ඇමැති ඉල්ලයි

කරණීයමෙත්ත සූත්‍රය කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගෙන විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කරවීම සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ද පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවැසීය.

එසේම විකෘති කළ කරණීයමෙත්ත සූත්‍රය සමාජ මාධ්‍යයට මුදාහළ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති මොහොතේ “සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා, මේක නැවත නැවත එක එක්කෙනාට ෂෙයාර් කරන්න එපා කියලා. එහෙම කරන කොටත් අපි කරන්නේ ඒක දාපු කෙනාට උදවු කරන එක…” යැයි ද ඇමැතිවරයා කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment