කවුරු මොනවා කීවත් පළමුව ජනාධිපතිවරණය – එ.ජා.ප. මහ ලේකම් රංගෙ බණ්ඩාර

146

විවිධ දේශපාලන නායකයන් කුමන මතයක් දැරුවත් පළමුවෙන්ම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා කීවේය.

මඩකලපුව නගරයේදී එක්සත් ජාතික පක්‍ෂයේ කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි භාරදීම වෙනුවෙන් පැවැති උත්සවයකදී මහ ලේකම්වරයා මෙසේද කීවේය.

“ව්‍යවස්ථාව අනුව මේ වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 16 වැනිදාට කලින් ජනාධිපතිවරණය පවත්වලා අවසන් කළ යුතුයි. ඒ සඳහා මැතිවරණ කොමිසම මේ වනවිට මුදල් වෙන්කොට අවසන් කර තිබෙනවා. ජනාධිපතිතුමා මේ බව කැබිනට් මණ්ඩලයටත් දැනුම්දී තිබෙනවා.”

කාන්තංකුඩිය සිහාරා ලතීෆ්

advertistmentadvertistment
advertistmentadvertistment