බිත්තරේ රු.30ට දෙන්න පුළුවන් – බිත්තර වෙළෙඳුන්ගේ සංගමය

149

බිත්තරයක් රුපියල් 30කට, 35කට දෙන්න පුළුවන්. මෙතැන විශාල මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. බිත්තරයක මිල රුපියල් 30කට බැස්සුවේ නැත්නම් මැයි 01 වැනිදා ඉඳලා බිත්තර ප්‍රවාහනයෙන් මුළුමනින්ම අපි ඉවත් වෙනවා යැයි බිත්තර වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් අනුර මාරසිංහ මහතා “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවැසීය.

දැනට බිත්තරයක නිෂ්පාදන මිල රුපියල් 20කටත් අඩු බවද හෙතෙම කීය.

මෙම තත්ත්වය යටතේ වෙළෙඳුන් බිත්තරයක් අලෙවි කර රුපියල් 30 කටත් වඩා වැඩි ලාභයක් ලබන බවද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ අනුර මාරසිංහ මහතා මෙසේ ද කියා සිටියේය.

දැන් පාරිභෝගික අධිකාරියෙන් පාලන මිලක් දාලා තිබුණට ගොවියෝ බිත්තර අඩුවට දෙන්නෙ නැහැ. ඒකනෙ වෙළෙඳුන්ට දඩ කන්න වෙලා තියෙන්නේ. මේ වෙනකොට බිත්තර විශාල මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. දැනට බිත්තරයක වියදම රුපියල් 20 කටත් අඩුයි. බිත්තර ප්‍රවාහනය කරන වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටිනවා රුපියල් 35 ට එහායින් බිත්තර මිලදී ගන්න එපා කියලා. මොකද කුකුළු කෑම, රයිස් පොල්, බඩ ඉරිඟු, සෝයා මේ සියල්ලේම මිල විශාල ලෙසින් අඩු වෙලයි තියෙන්නේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment