අලුතෙන් රියදුරන් ගන්න සල්ලි නෑ- දුම්රියටත් අධිකාරියක්

99

වයස 60 සම්පූර්ණ වී දුම්රිය රියැදුරන් විශ්‍රාම ගිය පසු ඒ සඳහා අලුතෙන් රියැදුරන් බඳවා ගැනීමට දුම්රිය දෙපාර්තුමේන්තුවට ප්‍රතිපාදන නැතැයි ප්‍රවාහන හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

පසුගිය වසරේදී දුම්රිය සේවක වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 2.3ක් ද අතිකාල දීමනා ගෙවීමට රුපියල් බිලියන 07ක් ද වැයවී ඇතැයි ද හෙතෙම සඳහන් කරයි. ඊට සමානව ආදායමක් ලැබී නැතැයි ද පවසයි. එනිසා මෙවැනි ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා ගැනීමට දුම්රිය දෙපාර්තුමේන්තුව අධිකාරියක් බවට පත් කළ යුතු බව ද සඳහන් කරයි. ඒ සඳහා ඉදිරියේදී පනතක් ගෙන එන බව ද ඇමැතිවරයා පවසයි. ඔහු මෙම තොරතුරු පැවසුවේ පසුගිය 28 වැනිදා පාර්ලිමේන්තුවේදීය.

රනිල් ධර්මසේන සහ අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment