ක්‍රිස් සිල්වර්වුඩ් සමුදෙයි

1

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කර ඇති නිවේදනයක සඳහන්ව ඇත්තේ පෞද්ගලික හේතූන් මත ඔහු එම තනතුරෙන් ඉල්ලා ඇස්වී ඇති බවයි.

එම ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ක්‍රිස් සිල්වර්වුඩ් මහතා මෙසේ සඳහන් කර තිබුණි.

“ජාත්‍යන්තර පුහුණුකරුවකු වීම යනු ආදරණීයයන්ගෙන් දිගු කාලයක් ඈත්ව සිටීමයි. මගේ පවුලේ අය සමග සහ දැඩි හදවතින් දිගු සංවාදයකින් පසු, මට නැවත නිවසට පැමිණ හොඳ කාලයක් එකට ගත කිරීමට කාලය පැමිණ ඇති බව මට හැඟේ, මම ශ්‍රී ලංකාවේ සිටින කාලය තුළ ලබාදුන් සහයෝගයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩකයන්, පුහුණුකරුවන්, පසු පෙළ කාර්ය මණ්ඩලය සහ කළමනාකාරීත්වයට ස්තුති කිරීමට කැමැත්තෙමි. ඔබේ සහය නොවන්නට මේ කිසිවක් සාර්ථක කර ගැනීමට නොහැකි වනු ඇත,” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයකු වීමට ලැබීම මට සැබෑ ගෞරවයක් වන අතර මම බොහෝ සොඳුරු මතකයන් රැගෙන යන්නෙමි,” සිල්වර්වුඩ් වැඩිදුරටත් සඳහන් කර තිබුණි. මේ අතර ඔහුගේ පාලන කාලය යටතේ, ජාතික කණ්ඩායම 2022 දී විස්සයි-20 ආසියානු කුසලානය ජයග්‍රහණය කළ අතර, 2023 දී ඕවර 50 ආසියානු කුසලානයේ අවසන් වටයට ද පිවිසියේය. මීට අමතරව, කණ්ඩායම දේශීය හා විදේශීය වශයෙන් ද්විපාර්ශ්වික තරගාවලි ජයග්‍රහණ කිහිපයක් ලබා ගත් අතර ඕවර 50 ආකෘතියෙන් ඔස්ට්‍රේලියාවට එරෙහිව දේශීය තරගාවලි ජයග්‍රහණයක් සහ බංග්ලාදේශයට එරෙහිව විදෙස් ටෙස්ට් තරගාවලි දෙකක් ජයග්‍රහණය කිරීමට හැකි විය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුණේ ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ ඉදිරි ප්‍රයත්නයන් සඳහා සුබපතන බවත්, ඔහුගේ ධුර කාලය තුළ ඔහු කළ වටිනා දායකත්වයට ස්තුතිවන්ත වන බවත්ය.

මහේලත් යයි

ක්‍රිස් සිල්වර්වුඩ් සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ “උපදේශක පුහුණුකරු” ලෙස කටයුතු කළ හිටපු නායක මහේල ජයවර්ධන මහතා සිය ඉල්ලා අස්වීම භාර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ජයවර්ධන සිය ධුර කාලය තුළ ජාතික කණ්ඩායම් පරිසර පද්ධතියේ සහ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ව්‍යුහයේ සැලකිය යුතු වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට උදව් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

මහේලගේ ඉදිරි වැඩකටයුතුවලට සුබපැතුම් පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවත් ඔහුගේ සේවා කාලය තුළ ඔහු කළ සේවයට ස්තුතිවන්ත වන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබිණි.

මහේල ජයවර්ධන මහතා මුලින්ම 2022 සැප්තැම්බර් මාසයේදී ඔස්ටේ්‍රලියාවේ පැවැත්වූ අයි.සී.සී. පිරිමි විස්සයි-20 ලෝක කුසලානයට පෙර උපදේශක පුහුණුකරුවකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සමග සම්බන්ධ විය. ඔහු ජාතික කණ්ඩායම්වල සමස්ත ක්‍රිකට් අංගය භාරව සිටි අතර ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩකයන් සහ කළමනාකාරීත්ව කණ්ඩායම් සඳහා අගනා උපාය මාර්ගික වශයෙන් විශාල සහයෝගයක් ලබා දුන්නේය.

ඒ අනුව, මහේල ජයවර්ධන මහතා පුහුණුකරු සහ ක්‍රීඩක සංවර්ධන වැඩසටහන්, දේශීය ක්‍රිකට් ව්‍යුහයන් ශක්තිමත් කිරීම සහ 19 න් පහළ, සංවර්ධන සහ ජාතික කණ්ඩායම් සංවර්ධනය කිරීම කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment