පෝෂණ බලාගාරය මුරුංගා

1484

දිවයිනේ වියළි කලාපයේ සරුවට බහුලව වැඩෙන මුරුංගා අපට නුහුරු නුපුරුදු ආහාරයක් නොවේ. බහුවිධ සෞඛ්‍ය ලබාදෙන ශාකයක් වන මුරුංගා ඔබට බෝවන රෝග රැසකටම දිව ඔසුවක් මෙන්ම ප‍්‍රතිශක්තිකරණය වඩවන ආහාරයක් ලෙස හ`දුන්වා දිය හැකිය. ශ‍්‍රී ලංකාවේ වියළි කලාපයේ සහ විශේෂයෙන් යාපනය ප‍්‍රදේශයේ දමිළ වැසියන්ගේ ප‍්‍රධාන ආහාරයක් මෙන්ම අතරමැදි කලාපවල අති බහුලව කෘෂි රසායනයකින් තොරව වැවෙන මුරුංගා The miracal
tree-never died ලෙස හැ`දින්වෙනවා.

පෝෂණ බලාගාරය මුරුංගා

මුරුංගා ගසේ පොතු, කරල්, මුල්, කොළ, මල් බහු සෞඛ්‍ය වාසි ලබාදෙන ශාකයක් බව පර්යේෂණ මගින් සොයා ගෙන ඇත. මිනිසුන්ගේ දෛනික අවශ්‍යතාවයන්ගෙන් සියයට හැත්තෑවක් අසූවක් පමණ පෝෂණ ගුණයෙන් අනූන බල සම්පන්න මුරුංගා කොළ හො`ද විටමින් C මූලාශ‍්‍රයක් බව මුරුංගා නැවුම් පත‍්‍රවල විටමින් C ප‍්‍රමාණය 51.7 බවත් පෝෂණවේදීන් පෙන්වා දෙනවා. විශ්මය නම් දොඩම් ගෙඩියක මෙන් හත් ගුණයක් විටමින් C ද, කැරට් මෙන් හතර ගුණයක විටමින් A ද, කිරි වීදුරුවක් මෙන් හතර ගුණයක් කැල්සියම් සහ ප්‍රෝටීන් ද, මුරුංගාවල අඩංගු වෙනවා. ඒ වගේම ඉදුණු කෙසෙල් ගෙඩියක මෙන් තුන් ගුණයක් පොටෑසියම් ද, නිවිතිවල මෙන් තුන් ගුණයක් විටමින් E ද, ආමන්ඞ් මෙන් තුන් ගුණයක් යකඩ ද මුරුංගාවල අන්තර්ගත වෙනවා. මුරුංගා ගසේ ඇති අධික ප්‍රෝටීන් ප‍්‍රමාණය සැස`දිය හැක්කේ කිරි බිත්තර සහ මස්වල තිබෙන ප්‍රෝටීන් හා සංසන්දනය කිරීමෙන් බව පෙන්වා දෙන පොෂණවේදීන්, අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල විශාල ප‍්‍රමාණයක් මුරුංගා ගසේ තිබෙන බවත්ය.

පෝෂණ බලාගාරය මුරුංගා

මන්දපෝෂණය තිබෙන ප‍්‍රදේශවල එය වර්ධනය කිරීම ස`දහා ව්‍යාපෘතියක් හැටියට මුරුංගා ගස් ප‍්‍රචලිත කිරීමටත් මුරුංගා ආහාරයට ගැනීම ප‍්‍රචලිත කිරීමෙන් වාසි රැුසක් අත්කර ගැනීමට හැකියාව පවතින බවද මෙහිදී පෙන්වා දෙනවා. විශේෂයෙන් කොරෝනා වසංගතය හමුවේ මුරුංගාවල ඇති පෝෂණ ගුණය ප‍්‍රතිශක්තිකරණය වැඩි කිරීම ස`දහා ඉතා පිටුවහලක් වන ආහාරයක් හැටියට සලකනු ලබන අතර සීනි පාලනය කිරීමට ග්ලයිසියම් ඉන්ඩෙක්ස් කියන ගුණය ඉතාම උසස් මට්ටමක පවතිනවා. ඒ වගේම අධි රුධිර පීඩනය දියවැඩියාව වැනි රෝගීන්ට ආහාර සම්පාදනය කර ගැනීමේදී මුරුංගා ආහාරයට ගැනීම තුළින් ප්‍රෝටීන් ඌණතාවයට පිළියමක් හැටියටත් රක්තහීනතාවයට ප‍්‍රතිචාර දැක්වීමටත් පිලිකා කාරක වැඩිවුණ අවස්ථාවලදී ප‍්‍රතිඔක්සිකාරක ගුණය ප‍්‍රතිශක්තිකරණය වැඩි කරවන ආහාරයක් ලෙසත් මුරුංගා යොදාගත හැකියි.

එමෙන්ම නිර්මාංශ ආහාර රටාවකට යොමු වී සිටින පුද්ගලයන්ගෙන් අද වන විට ප්‍රෝටීන අවශ්‍යතාවය මුරංගා කොළ ආහාරයට ගැනීමෙන් පිරිමසා ගැනීමට හැකි අතර වියළා කුඩු කර ගන්නා මුරුංගා කොළ ලෝකයේ ජනප‍්‍රිය පෝෂණ අතිරේකයක් බවට ද පත්වී ඇති බව පෝෂණවේදීන් පෙන්වා දෙනවා. ඒ වගේම මුරුංගා මුල් ද රසකාරකයක් ලෙස පාවිච්චියට ගැනීමට හැකියාව පවතින බවද ඔවුන් පෙන්වා දෙනු ලබනවා.

සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment