අවසන් කටයුතු හෙට
ක්ලබ් වසන්ත ළඟටම ඇවිත් ඝාතකයන් වෙඩි තැබූ හැටි CCTV දර්ශන එළියට
අතුරුගිරියේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව අභාවප්‍රාප්ත වූ ‘සන්හිල්’ සමූහ ව්‍යාපාරයේ අධිපති සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (13 දා) සෙනසුරාදා සවස 4.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකෙරේ.
දේහය හෙට සිකුරාදා (12 වැනිදා )පෙරවරු 8.30 සිට රාත්‍රී 10.00 දක්වා ද, එසේම අනිද්දා සෙනසුරාදා (13 වැනිදා) පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා කොළඹ 8, බෞද්ධාලෝක මාවතේ, අංක 483 ද රෙස්පෙක්ට් හෝම් හි පිහිටි ජයරත්න ප්‍රභූ ගෞරව අවමංගල්‍යය ශාලාවේ තැන්පත් කර තබන බව පවුලේ ඥාතීහු පවසති.
ක්ලබ් වසන්තගේ ඝාතකයන් බෝට්ටුවලින් පනින තැතක්
මන්නාරමේ ආරක්‍ෂාව දැඩි කෙරේ
අතුරුගිරියේ දී ක්ලබ් වසන්ත හා තවත් අයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ධීවර බෝට්ටුවක ආධාරයෙන් මන්නාරමෙන් ඉන්දියාවට පලා යෑමට සැලසුමක් ඇති බවට තොරතුරු හෙළි වීමත් සමගම ආරක්ෂක අංශ මන්නාරමේ ස්ථාන කීපයකම විශේෂ මුරකපොලු කීපයක් ස්ථාපිත කර තිබේ.
මන්නාරමේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු ප්‍රකාශ කළේ මෙම සැකකරුවන් රටින් පලා යෑම වැළැක්වීම පිණිස ගුවන් තොටුපළ ඇතුළු ස්ථාන දැනුවත් කර ඇතත් මන්නාරම හරහා ඔවුන්ට රටින් පැනීමට ඇති ඉඩකඩ වැඩි නිසා කොළඹින් ලැබුණු නියෝගයක් මත විශේෂ සෝදිසි කිරීමේ මුර කපොලු හා මාර්ග බාධක කීපයක්ම මන්නාරමට පැමිණෙන මාර්ගයේ අලුතෙන් පිහිටුවා ඇති බවයි. ඊට අමතරව මන්නාරමෙන් මුහුදු යන ධීවර බෝට්ටුවල ධීවර හැඳුනුම්පත් නොමැතිව ගමන් කරන පිරිස් පිළිබඳව නාවික හමුදාව හා වෙරළාරක්ෂක නිලධාරීන් ද ධීවර පරීක්ෂක නිලධාරීන් ද දැඩි සෝදිසියකින් සිටින බව ද එම නිලධාරියා ප්‍රකාශ කළේය.
දිනසේන රතුගමගේ