ක්ලාක් එල්පීඑල් තානාපති

198

ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) 05වැනි අදියරේ සන්නාම තානාපති ලෙස ඔස්ටේ්‍රලියානු හිටපු නායක සහ විශිෂ්ට ක්‍රීඩක මයිකල් ක්ලාක් නම්කර තිබේ.

ඔස්ටේ්‍රලියාව 2015 වසරේ එක්දින ලෝක කුසලානය දිනා ගැනීම සඳහා ඔස්ටේ්‍රලියානු කණ්ඩායම මෙහෙය වූ නායකයාද මයිකල් ක්ලාක් වේ.

මෙම පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මයිකල් ක්ලාක් පවසා ඇත්තේ, තමන් ක්‍රීඩා කිරීමට වඩාත් ප්‍රියකරන රටක් වන ශ්‍රී ලංකාවට පැමිණීමට නොයිවසිල්ලෙන් බලා සිටින බවයි.

“මම ක්‍රීඩා කිරීමට ප්‍රිය කරන රටක් ශ්‍රී ලංකාව කියන්නේ. ඒ සඳහා නැවත පැමිණීමට මම නොයිවසිල්ලෙන් බලා සිටිනවා. දැන් මට අවස්ථාව ලැබිලා තියෙනවා ඇවිත් අදහස් දක්වන්න විතරක් නෙවෙයි, එල්.පී.එල්. එකේ තානාපති කෙනෙක් වෙන්නත්. මේ තරගාවලිය ඉදිරියටත් සාර්ථක වේවි” යනුවෙන් ක්ලාක් පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment