සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලබන කාගිල්ස් සීතල වසන්තය 2025 අප්‍රේල් 10 සිට 20 දක්වා නුවරඑළිය ග්‍රෙගරි ලේක් පරිශ්‍රයේදී (Gregory Lake) පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇතග උදෑසන 10 සිට සවස 6 දක්වා දින 10ක් පුරාවට පැවැත්වෙන මෙම වැඩසහටන සුහදත්වය වර්ධනය කර ගැනීමටත්ල පවුලේ සියලුම දෙනාට එකට එකතු වී විනෝද ක්‍රීඩාවල යෙදීමටත් කදිම අවස්ථාවක් වේ.
සංගීත ප්‍රසංගවලින් මෙන්ම අපගේ සංස්කෘතියෙන් පෝෂණය වූ දේශීය දක්ෂතා විදහා දක්වන විවිධ අංගයන්ගෙන් ද මෙවර උත්සවය සමන්විත වේග තවද, ලොකු කුඩා සෑම අයෙක්ටම සංස්කෘතික අංගයන් හා බැඳෙමින්ල ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සමඟ සතුටින් කාලය ගත කිරීමට හැකි වන පරිදි සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් රැසක් ද සංවිධානය කර ඇත.
CARGILLS FOOD CITY” KOTMALE, MAGIC, KIST, RIDE, KNUCKLES, KFC සහ GOLDI ඇතුළු කාගිල්ස් හි සියලුම වෙළෙඳ සන්නාමයන්ගේ අනුග්‍රහය ඇතිව සංවිධානය කර ඇතිල අවුරුදු ක්‍රීඩා සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් සමගින් සහභාගීවන්නන් සඳහා සතුටින් සහ විනෝදයෙන් පිරුණු අත්දැකීම් රැසක් ලබා ගැනීමට මෙහි දී හැකි වනු ඇත. නුවරඑළිය කාගිල්ස් සීතල වසන්තය හරහා ප්‍රජා සහභාගීත්වය වර්ධනය කරමින්ල ශ්‍රී ලාංකීය සංස්කෘතිකාංගයන් සැමරීමටත්ල තම පවුලේ සාමාජිකයන් හා එක්ව අමතක නොවන මතකයන් ලබා ගැනීමටත්ල ශ්‍රී ලාංකික ජනතාව සඳහා සලසා දෙන මෙම අවස්ථාව දිවයින පුරා ජනතාව හට ජීවිත කාලයක් පුරා මතකයේ රැදෙන වටිනාකම් නිර්මාණය කිරීම සඳහා කාගිල්ස් හි අඛණ්ඩ කැපවීම තව තවත් ඉස්මතු කරයි.