කාන්තාවෝ සුදුසුකම් පෙන්වීම අරඹති – ශ‍්‍රී ලංකාව අද ස්කොට්ලන්තය සමග සටනේ

211

පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ කාන්තා ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම ස`දහා පැවැත්වෙන තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද (18 වෙනිදා) ස්කොට්ලන්තය සමඟ පැවැත්වේ.

 තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක මැලේසියාව සහ බංග්ලාදේශය අතර අද පළමු තරගය පැවැත්වෙන අතර ඉන් අනතුරුව ශ‍්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය පැවැත්වේ.

 ශ‍්‍රී ලංකා කණ්ඩායම චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතුව තරග වැදීමට නියමිත අතර උප නායිකාව ලෙස හර්ෂිතා මාධවී කටයුතු කරයි.

 පොදු රාජ්‍ය මණ්ඩල කාන්තා විස්සයි-20 ක‍්‍රිකට්

 තරගාවලිය එංගලන්තයේ බර්මිංහැම්හිදී පැවැත්වීමට නියමිතව තිබේ. එ් අනුව ඊට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මැලේසියාවේදී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියට කණ්ඩායම් 5ක් තරග වැදීමට නියමිත අතර ඊට ශී‍්‍ර ලංකාව, බංග්ලාදේශය, මැලේසියාව, කෙන්යාව සහ ස්කොට්ලන්තය ඇතුළත්ව තිබේ. එහිදී වැඩිම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමිකර ගනු ලබන කණ්ඩායම 2022 වසරේ ජූලි 29 වැනිදා බර්මිංහැම්හිදී ආරම්භ වීමට නියමිත විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලියට ක‍්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබනු ඇත. ශී‍්‍ර ලංකාව සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී ලබන 20 වැනිදා කෙන්යාවට එරෙහිවත්, 22 වැනිදා සත්කාරක මැලේසියාවටත් සහ 24 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත් තරග වදිනු ඇත.

 ශ‍්‍රී ලංකා කාන්තා පිල – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී (උප නායිකාව), හසිනි පෙරේරා, නිලක්ෂිකා සිල්වා, අනුෂ්කා සංජීවනී, කවීෂා දිල්හාරි, අමා කාංචනා, සචිනි නිසංසලා, උදේශිකා ප‍්‍රබෝධනී, ඉනෝකා රණවීර, විශ්මි රාජපක්ෂ, ඕෂදී රණසිංහ, සුගන්දිකා කුමාරි, තාරිකා සෙව්වන්දි, ප‍්‍රසාදිනී වීරක්කොඩි, අචිනි කුලසූරිය. අතිරේක ක‍්‍රීඩිකාවන් – මදුශිකා මෙත්තානන්ද, කාව්‍යා කාවින්දි,

advertistmentadvertistment
advertistmentadvertistment