CBL SMART AGRO ඇප් මෘදුකාංගය CBL ගොවි ජාලය ඩිජිටල්කරණය කරයි

125

ඩිජිටල්කරණය සහ තාක්ෂණය භාවිත කරමින් සිය සැපයුම් දාමය හා බැඳුණු අනාගත අවදානම් කළමනාකරණය කරගැනීමේ තවත් එක් පියවරක් ලෙස SMART Agro ඩිජිටල් ඇප් මෘදුකාංගය එළිදැක්වීමට CBL සමූහය පසුගියදා කටයුතු කළේය.

නොමිලේ බාගත හැකි මෙම ඇප් මෘදුකාංගය හරහා අලූත් ගොවීන්ගේ ලියාපදිංචි කටයුතු මෙන්ම එසේ ලියාපදිංචි වූ ගොවීන් හට ණය පහසුකම් ලබාගැනීම, කොන්ත‍්‍රාත් කොන්දේසි කළමනාකරණය මෙන්ම CBL කෘෂි ක්ෂේත‍්‍ර නිලධාරීන්ගේ සහය එසැණින් ලබා ගැනීම ආදී සේවා රැසක් පහසුවෙන් ලබා ගත හැකි වේ.

වර්ධනය වන ඉල්ලූමට සාපේක්ෂව, CBL ආහාර අමුද්‍රව්‍ය සපයාගැනීමේ ක‍්‍රියාවලිය ද ගෙවුණු වසර කිහිපය තුළ ප‍්‍රසාරණය වී ඇත. එහිදී අමුද්‍රව්‍ය සපයා ගැනීම ආශ‍්‍රිත විනිවිදභාවය සහ අඛණ්ඩ සන්නිවේදන කටයුතු වෙනුවෙන් අතිශය වැදගත් පියවරක් ලෙස මෙම ඩිජිටල් ඇප් මෘදුකාංගය හඳුන්වාදීම පෙන්වා දිය හැක.

ශ‍්‍රී ලංකාවේ විශාලතම ආහාර නිෂ්පාදන සමාගම් සමූහයක් වන CBL සමූහය තමන් හා ලියාපදිංචි වී සිටින 13,000කට වැඩි ගොවීන්ගෙන් බඩඉරිඟු, සෝයා, මුං, රටකජු, සහල් සහ කුළු බඩු ආදී ආහාර අමුද්‍රව්‍ය මෙටි‍්‍රික් ටොන් 15,000-17,000ත් අතර ප‍්‍රමාණයක් වාර්ෂිකව සපයා ගනී. මෙම ආහාර අමුද්‍රව්‍ය සමපෝෂ, නියුටි‍්‍රලයින්, සේරා, ලංකාසෝයි, රිට්ස්බරි සහ මංචි වැනි විවිධ සන්නාමයන්ට අයත් නිෂ්පාදන සඳහා යොදාගැනෙන අතර, අනාගත අවදානමකින් තොරව මෙම සැපයුම් දාමය ශක්තිමත් කරගැනීම කෙරෙහි CBL තිරසර ගමන්මගෙහි විශේෂ අවධානයක් හිමිව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment