කුඹුර සීසාද්දී ට්‍රැක්ටරයෙන් වැටී එයටම යටවී දැරිය මරුට

48

මන්නාරම, මුරුන්කන්, පූවරසන්කුලම ප්‍රදේශයේ ගොවියකු සිය ට්‍රැක්ටරයෙන් සී සාමින් සිටියදී එහි වාඩි වී සිටි අවුරුදු 8ක දැරියක් ට්‍රැක්ටරයෙන් බිමට ඇද වැටී ඊට යට වී එම ස්ථානයේදීම 13 දා මියගොස් තිබේ.

ගොවියා සමග කුඹුරට ගිය දියණිය නියරක් මත තබා ගොවියා සී සාමින් සිටියදී දැරියටද ට්‍රැක්ටරයට නැගීමට අවශ්‍ය බව ප්‍රකාශ කොට තිබේ. දියණියද ට්‍රැක්ටරයේ වාඩි කරගෙන සී සාමින් සිටියදී ඇය ට්‍රැක්ටරයෙන් බිමට වැටී ඊට යට වී තිබේ.

වහාම ඇයව මන්නාරම රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඒ වන විට දැරිය මියගොස් පැය බාගයකට වඩා වැඩි කාලයක් ගත වී ඇති බව රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කොට තිබේ. මියගොස් ඇත්තේ එස්. සින්ධුජා නමැති දැරියකි. පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා දැරියගේ මළ සිරුර මන්නාරම රෝහලේ තබා ඇත. මුරුන්කන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment