කුලියාපිටියේ දරුවන් නිර්මාණය කළ පාරිසරික කලාපය විනාශ කළ අමනයෝ නිදැල්ලේ

431

කුලියාපිටිය, කෝංගහගෙදර පහළ පිදුම ප‍්‍රදේශයේ ඉදිකර තිබූ මනරම් පරිසර කලාපයකට බීමත්ව පැමිණි පිරිසක් මසුන් ඇල්ලීමට ඉඩ නුදුන්නැයි කියා එය කඩා බිඳ දමා තිබේ.

කෝංගහගෙදර පන්සල් ඔය රක්‍ෂිතයට අයත් ගොඩබිම් ප‍්‍රදේශයක් ව`දවීගෙන යන වැදගත් වෘක්‍ෂලතා ආදිය සිටුවා ප‍්‍රදේශයේ දරුවන් පිරිසක් එක්ව ව්‍යාපාරිකයකු විසින් අදාළ ඔයෙහි තිබූ පාසි ඉවත්කර නෙලූම් ආදිය දමා එම පරිසර කලාපය නිර්මාණය කර තිබිණි.

කුලියාපිටියේ දරුවන් නිර්මාණය කළ පාරිසරික කලාපය විනාශ කළ අමනයෝ නිදැල්ලේ

උද්‍යාන පුටු, යකඩ පාලම් ආදිය තම පුද්ගලික ධනයෙන් ඉදිකර තිබූ අතර සෑම තැනකම විවිධ පැළ වර්ග සිටුවා ඒවා නාමකරණය කිරීමටද ව්‍යාපාරිකයා විසින් පියවර ගෙන තිබිණි. එමෙන්ම එම ප‍්‍රදේශය තුළ මසුන් ඇල්ලීමට විසිදැල් ආදිය භාවිතා කිරීමටද අවසර හිමිනොවන අයුරින් පුවරු සකස්කර එම කලාපයට පිවිසුන තැන් පටන් පරිසරය පිළිබද හැගීම් දනවන වැකි අඩංගු පුවරුද සවිකර තිබිණි.

ඉකුත් දා මසුන් ඇල්ලීම විනෝදාංශය කරගත් ගුරුවරයකු තවත් කිහිපදෙනෙකු පැමිණ යම් මතබේධාත්මක තත්වයක් ඇතිව තිබූ අතර තවත් අයෙකු පැමිණ අදාළ පුවරු කපා දමා ගස්වැල් පොඩිකර උද්‍යාන අලංකරන පුටු හා පුවරු සියල්ල ඔයට දමා තිබූ බවද එම ව්‍යාපාරික මහතා පොලිසියට පැමිණිලි කර තිබිණි. කුලියාපිටිය ප‍්‍රාදේශීය ලේකම් අනුර දිසානායක, වැඩබලන මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වසන්ත කුමාර, සමස්ත ලංකා බිත්තර නිපැයුම්කරුවන්ගේ සභාපති සරත් මණ්ඩාපොල යන මහත්වරු ඇතුළු එම පරිසර කලාපයේ නිර්මාතෘ ආනන්ද තිස්ස මහතා සහ අත්ලෙහි කරගැට මතුවනතෙක් එහි නඩත්තු කටයුතු සිදුකරන ළමුන් කණ්ඩායම ඊට එක්ව සිටියහ.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment