කෙහෙළිය බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ගන්නේ වෛද්‍ය නිර්දේශ මත – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

125

ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයූ බවට චෝදනා එල්ලවීම නිසා බන්ධනාගාර ගතකර සිටින ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන්නේ වෛද්‍ය නිර්දේශ මත බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා ‘දිවයින’ට පැවසීය.

මාළිගාකන්ද අධිකරණය මගින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර ගත කිරීමට දුන් නිර්දේශය අනුව ඔහු මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් එහිදී කළ වෛද්‍ය නිර්දේශ මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව ද දිසානායක මහතා කීය. වෛද්‍ය නිර්දේශ අනුව ඔහු රෝගී තත්ත්වයන් සිටින බවත් ඒ අනුව ඔහු රෝහල් ගත කර ප්‍රතිකාර කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා


advertistmentadvertistment