කොටස් වෙළෙඳපොළ පළමු වරට ඒකක 14,000 සීමාව ඉක්මවයි

51

මෙරට කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තාවක් තබමින් පළමුවරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (12 දා) ඒකක 14,000 සිමාව ඉක්මවා ගියේය.

මේ අනුව ඊයේ (12 දා) දිනයේදී සමස්ත මිල දර්ශකය ඒකක 14035.81ක් දක්වා ඒකක 150.72කින් ඉහළ ගියේය.

මේ අතර කොටස් වෙළෙඳපොළ එස්ඇන්ඩ්පී ශ්‍රී ලංකා 20 දර්ශකය ද ඊයේ දිනයේ ඒකක 4186.09ක් දක්වා ඒකක 42.8කින් ඉහළ ගොස් තිබේ. එසේම රු.බිලියන 7.35ක කැපී පෙනෙන ගනුදෙනු පිරිවැටුමක් ද ඊයේ දින වාර්තා කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment