අපි හැමදාමත් දකින්නේ බත් දන්සල්, ප්‍රයිඩ්රයිස් දන්සල්, මඤ්ඤොක්කා දන්සල්, සව් දන්සල්, කොස් දන්සල්, රොටි දන්සල් ඔය ආදී ආහාරපාන දන්සල්ය. නමුත් එයට හාත්පසින්ම වෙනත් දන්සලක් පසුගියදා තිබුණේ හොරණ නගරයේය. ඒ කන්න බොන්න දෙන දන්සලක් නොව හරි අපූරුවට කොණ්ඩා කපන දන්සලක්ය. එය සංවිධානය කර තිබුණේ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිණී ශ්‍යාමලී විජේරත්නය. ඇය ඩි්‍රම්රෝන් ආයතනයේ හොරණ ශාඛාවේ කළමනාකාරිනියයි.
මෙහිදී දරු සිඟිත්තන්, පාසල් දරුවන්, තරුණ ප්‍රජාව මෙන්ම වැඩිහිටියන් ඇතුළු විශාල පිරිසක් කාන්තා පිරිමි භේදයකින් තොරව කොණ්ඩා කැපීමේ නිරත වූහ.
කොණ්ඩා කපාගත් පිරිස 104කි. ප්‍රවීණ උපදේශක ආරිය මදුරසිංහ ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
- මංගල ප්‍රසන්න