කොත්තු රොටි ගැනීමට පැමිණි තරුණයා හෝටල් හිමියාගේ පුතාගේ මෝල්ගස් පහරින් මියගිහින් – බරපතළ තුවාල ලැබූ හෝටල් හිමියාත් රෝහලේ

940

කොත්තු රොටි ගැනීමට බද්දේගම පරණ නාගොඩ පාරේ හෝටලයකට පැමිණි තරුණයකුට හෝටල් හිමියාගේ පුතා විසින් මෝල් ගසකින් පහරදී ඝාතනය කර ඇතැයි බද්දේගම පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ බද්දේගම කොටගොඩ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි. මෙම ඝාතනය පෙරේදා (02) රාත‍්‍රි සිදුවී තිබිණි.

ඝාතනයට ලක්වු තරුණයා පෙරේදා 11.30 ට පමණ කොත්තු රොටි ගැනීමට හෝටලයට පැමිණි අවස්ථාවේ හෝටල් හිමියා සමග ආරවුලක් ඇතිකර ගෙන ඇත. පසුව ඔහු නිවසට ගොස් මන්නා පිහියක් ගෙනැවිත් හෝටල් හිමියාට පහරදෙන අවස්ථාවේ හෝටල් හිමියාගේ පුතා ඔහුට මෝල් ගසකින් පහරදී ඝාතනය කර ඇත. බරපතළ තුවාල ලැබු 51 හැවිරිදි හෝටල් හිමියා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ 25 හැවිරිදි පුතා බද්දේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි. එල්. ලිලවංශ මහතාගේ උපදෙස් පරිදි බද්දේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප‍්‍රභාත් දේශබන්දු මහතා ඇතුලූ නිලධාරින් කණ්ඩායමක් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වති.

අහංගම සුගතපාල දීයගහගේ, වංචාවල  – ගැමුණු චන්ද්‍රලාල්, ගාල්ල – ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි


advertistmentadvertistment