කොලී ටෙස්ට් පිටියට සමු දෙයි ?

26

ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට සුදානම් වන බව ඉන්දියන් express පුවත් පත වාර්තා කර තිබේ . ඔහු ඒ  බව ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට ද දැනුම් දී ඇතැයි එහි වාර්තා කර ඇත . එහෙත්  එම තීරණය ගැන නැවත සළකා බලන ලෙස ඉහළ නිලධාරීන් ඔහුගෙන් ඉල්ලා ඇති බව එම පුවත්පත වැඩි දුරටත් වාර්තා කර තිබේ .
කෝලි එම  තීරණය ගෙන තිබෙන්නේ  දින කිහිපයකට පෙර රෝහිත් ෂර්මාගේ ටෙස්ට් විශ්‍රාම යෑමත් ප්‍රකාශ වීමත් සමගය.
ලබන මාසයේ එංගලන්තයේ පැවැත්වෙන ටෙස්ට් තරග පහකින් යුත් තරගාවලියට කණ්ඩායම තෝරා ගැනීම සඳහා ඉන්දීය තේරීම් කමිටුව දින කිහිපයකින් රැස්වීමට නියමිතය.
මෙම වසර මුලදී ඕස්ට්‍රේලියාවේ පැවති බෝඩර් ගවස්කාර් කුසලානයේ සිට කෝලි තම ටෙස්ට් අනාගතය ගැන කල්පනා කරමින් සිටින බව දැනගන්නට ලැබේ.

කොලී ටෙස්ට් පිටියට සමු දෙයි ?

advertistmentadvertistment