කොවැක්සින් එන්නතින් ඩෙල්ටා ප‍්‍රභේදයට ඉහළම ප‍්‍රතිචාර

223


ඉන්දියාව නිපදවා ඇති කොවැක්සින් එන්නත කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප‍්‍රභේදයට එරෙහිව සියයට 65.2 ප‍්‍රතිරෝධයක් දක්වන බව පර්යේෂණ මගින් හෙළිවී ඇත. මේ සම්බන්ධව ඉන්දියාවේ සියලුම වෛද්‍ය විද්‍යායතන විසින් මෙම එන්නත සම්බන්ධව පර්යේෂණ සිදුකර ඇතැයි එන්නත නිෂ්පාදනය කරන භාරත් බයෝටෙක් සමාගම පවසයි. මෙමගින් කොවිඩ් ඩෙල්ටා ප‍්‍රභේදයට ඉහළම ප‍්‍රතිචාරයක් දක්වන බවද එනිසා මෙය කොරෝනා මර්දන එන්නත් දෙක ලබාදීමෙන් පසු ලබා දෙන තෙවැනි එන්නත හෙවත් බූස්ටර් එන්නත ලෙස ලබාදීමටද සුදුසු බව පර්යේෂකයෝ පවසති.මේ වන විට ඉන්දියාවෙන් හමුවන කොවිඩ් රෝගීන්ගෙන් සියයට 50ක්ම ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදනය වූවන්ය.කොවැක්සින් එන්නත සම්බන්ධව සිදුකර ඇති පර්යේෂණ ලෝක සෞඛ්‍ය සංවිධානයේද අවධානය යොමුවී ඇත.මෙම එන්නත ලබාගත් පුද්ගලයිනට කොරෝනා වැළඳුනද බරපතල රෝග ලක්ෂණ මතු නොව නිසා රෝහල් ගතව ප‍්‍රතිකාර ලබාගතයුතු නැතැයි හෙළිවී ඇත.මේ වන විට ඉන්දියාවේ රෝහල් රැුසක කොරෝනා ආසාදිතයින් විශාල පිරිසත් ප‍්‍රතිකාර ලබති. එය ඉන්දීය සෞඛ්‍ය සේවාවට දැඩි තර්ජනයක්ව පවතී.මෙලෙස ප‍්‍රතිකාර ලබන රෝගීන් සියලුම දෙනා කිසිදු එන්නතක් ලබාගෙන නැතැයිද හෙළිවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment