කොළඹ අද ජලය කැපෙන හැටි

1

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (29දා) පෙරවරු 9.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 15ක කාල සීමාවකට ජල සැපැයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත, මුල්ලේරියාව, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා මෙලෙස ජල සැපැයුම අත්හිටුවනු ලැබේ.

අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරය වෙත විදුලි සැපැයුම අත්හිටුවීම සහ ඒ හා සමගාමීව සිදු කරන ජල පිරිපහදු පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපැයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටී.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment