කොළඹ මහල් නිවාසවල පදිංචි අටදහසකට ලබන මස හිමිකම් ඔප්පු දෙයි

26

කොළඹ මහල් නිවාස හිමියන් 8000කට ලබන මාසයේ සින්නක්කර ඔප්පු ලබාදීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මීට අමතරව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ද ඔප්පු 1,070ක් ලබාදීමට සැලසුම්කර තිබෙන බවද ඇමැතිවරයා කියා සිටී. කොළඹ මහල් නිවාස හිමියන් 50,000කට නිවාස හිමිකම් ඔප්පු ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අයවැයේදී ප්‍රකාශ කළ අතර මෙම හිමිකම් ඔප්පු ලබාදීම සිදු කරන්නේ ඒ අනුවයි.

ප්‍රථම අදියර යටතේ මිහිඳු සෙන්පුර, සිරිසර උයන, මෙත්සර උයන, ලක්මුතු සෙවණ, සිරිමුතු උයන යන ව්‍යාපෘති කේන්ද්‍ර කර ගනිමින් හිමිකම් ඔප්පු දීම සිදු කෙරේ. ඊට අමතරව ලක්සඳ සෙවණ, රන්දිය උයන, ලක්මුතු උයන, මුවදොර උයන, සියසත සෙවණ, පුරදොර සෙවණ, ජයමග සෙවණ, මිහිජය සෙවණ, හෙළමුතු සෙවණ, සියපත සෙවණ, ලක්සෙත සෙවණ යන ව්‍යාපෘතිවල හිමිකම් ඔප්පු ද මේ වසර අවසන් වීමට පෙර ලබාදීමට නියමිතය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment