කොළඹ සිසුන්ට එන්නත දීම ඇරැඹෙයි

153

වයස අවුරුදු 18-19 උසස් පෙළ 2021 වසරේ විභාගයට පළමුවරට පෙනී සිටින හා දෙවැනි වරට පෙනී සිටින කොළඹ දිස්ත‍්‍රික්කයේ ශිෂ්‍ය, ශිෂ්‍යාවන් සඳහා කොවිඞ් පාලන ‘‘ෆයිසර්’’ එන්නත ලබාදීම ඊයේ (15දා) ආරම්භ විය.

කොළඹ සිසුන්ට එන්නත දීම ඇරැඹෙයි

උතුරු කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දිසා අංක 1 කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සසංක රණසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ කොළඹ 13, කොටහේන ශාන්ත බෙනදික්ත විදුහලේදී කොළඹ මහා නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුනි මහතා සිසුවකුට එන්නත ලබාදුන් අයුරු.

කොටහේන බෙනදික්ත විදුහල යහපත් එඬෙරාගේ කන්‍යාරාමය, යහපත් එඬෙරාගේ ද්‍රවිඩ විද්‍යාලය, කොටහේන කුමාර විදුහලේ ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ට එන්නත අද (16) දින ද එම ස්ථානයේදී ලබාදෙනු ඇත.

ඡායාරූපය – ජූඞ් ඩෙන්සිල් පතිරාජ


advertistmentadvertistment