මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලබන්නේ අහවල් අපේක්‍ෂකයා යැයි කියමින් ව්‍යාපාරිකයන් වෘත්තිකයන් ඇතුළු විවිධ පිරිස් මුදල් සහ දේපළ කෝටි ගණනින් ඔට්ටු අල්ලා ඇත.
ඒ අනුව මීගමුව ප්‍රදේශයේ ධනවත් මාළු ව්‍යාපාරිකයකු මුදලින් රුපියල් කෝටි 05ක් සහ සිය වාහන සහ සුඛෝපභෝගී නිවස ද මෙලෙස ඔට්ටු අල්ලා තිබේ.
යාපනය ප්‍රදේශයේ ද ධනවත් ව්‍යාපාරිකයකු මුදලින් රුපියල් කෝටි 03ක ඔට්ටුවක් අල්ලා ඇතැයි ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට වාර්තා වේ.
මුදලින් රුපියල් කෝටි ගණන් පමණක් නොව අහවල් අපේක්‍ෂකයා දිනුවොත් හිස මුඩු ගාන බවට ඇතුළු තවත් විවිධ වර්ගයේ ඔට්ටු රාශියක් අල්ලා ඇතැයි ද සඳහන් වේ.
ඊට අමතරව තරුණ පිරිස් සිය යතුරුපැදිය, ජංගම දුරකථනය, මුදලින් රුපියල් ලක්‍ෂ ගණන් ආදිය ලෙස විශාල වශයෙන් ඔට්ටු අල්ලා ඇතැයි ද තවදුරටත් වාර්තා වේ.
චමින්ද සිල්වා