කෝටි හතරහමාරක් වටිනා හෙරොයින් පානදුරෙන් අල්ලයි

56

රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග වලපල හාමු නැමැත්තා අත්අඩංගුවට ගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.

ලද තොරතුරක් මත පානදුර වලපල ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ දී පරීක්ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් මත්කුඩු කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය කීය.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් මත්කුඩු ජාවාරමේ යෙදෙන බව කියන ඩුබායි තරංග නමැත්තාගේ ප්‍රධාන ගෝලයා බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පානදුර වලපොල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජී. ජී. නන්දන මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂකවරුන් වන උපුල් හර්ෂ සැරයන්වරුන් වන ගුණේන්ද්‍ර (55301) සමන්තිලක (41104), ජයසූරිය (69615), කොස්තාපල්වරුන් වන අංජුල (98857), තුෂාර (79335), ප්‍රභාත් (29735), පො.කො.රි. ලසිත (80123) වැටලීමට එක්වූහ.

වාද්දුව – සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment