හිටපු සෞඛ්‍ය ලේකම්ගෙන් CIDයට ප්‍රකාශයක්

555

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ආනයනය සිද්ධියට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දී තිබේ.අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ලේකම්වරයා අදාල ප්‍රකාශය ලබා දී ඇත.ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ආනයන සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරනු ලබන විමර්ශනයට අදාළව මෙම ප්‍රකාශය ලබාගෙන තිබේ.මෙම සිදුවීම මුල්කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශ හිටපු ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාට අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment