ඝාතනය කළ බවට සැක යුවලකගේ සිරුරු හමුවේ

514

ඝාතනය කර ඇති බවට සැක අඹුසැමි යුවළකගේ සිරුරු වව්නියාව සෙට්ටකුලම ප්‍රදේශයේ තිබියදී සොයාගෙන ඇත.ඔවුන්ගේ සිරුරු සොයාගෙන ඇත්තේ ඔවුන්ට අයත් වෙළෙඳසැලක් පසුපස පිහිටි කාමරයක තිබියදීය.මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති සැමියා 78 හැවිරිදි වියේ පසුව ඇති අතර බිරිඳ 68 හැවිරිදි වියේ පසුව ඇත.ඔවුන්ගේ පුත්‍රයා අද උදෑසන එහි යනවිට මොවුන්ගේ මළසිරුරු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම්දී තිබේ.මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත්තේ ඔවුන් සතුව තිබූ පවුම් 5කට ආසන්න ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බවටය.

advertistmentadvertistment
advertistmentadvertistment