කෝටි 02කට වැඩි හොර සිගරට් අත්අඩංගුවට

200

නීති විරෝධීව මෙරටට ගෙන්වනු ලැබු රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුතු විවිධ වර්ගයේ විදේශීය දුම්වැටි එක්ලක්ෂ විසිදහක් සැකකරුවන් තිදෙනෙකු සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

වෙරළබඩ පොලිස් වසමේ කොළඹ 10 ප්‍රදේශයේදී ඊයේ (16දා) විශේෂ කාර්ය බළකාය සිදුකළ මෙහෙයුමකදී මෙම දුම්වැටි සහ සැකකරුවන් අත්ගැඅඩංගුවට ගෙන තිබේ.

එහිදී මෙරටට හිමි විය යුතු විාශාල තීරු බදු මුදලක් අහිමි කරමින් රුපියල් කෝටි දෙකකට ආසන්න වෙලදපොළ වටිනාකමක් ඇති විවිධ වර්ගයේ නීති විරෝධී දුම්වැටි එක්ලක්ෂ විසිදහක් හොර රහසේ ඉතා සූක්ෂමව මෙරටට ගෙන්වා දිවයින පුරා බෙදාහැරීමට සූදානමින් සන්තකයේ තබාගෙන සිටි මාලිගාවත්ත සහ කොළඹ 10 ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 32 – 45 අතර වයසේ පසුවන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment