කෝටි 60 ක විදෙස් දුම්වැටි අත්අඩංගුවට

42

රුපියල් කෝටි 60ක් පමණ වටිනා විදේශීයක නිෂ්පාදිත දුම්වැටි මිලියන 6ක් ශ්‍රී ලංකා රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් ඊයේ (23 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

කාම්බෝජියාවේ සිට ප්‍රතිඅපනයනය සඳහා කොළඹ වරායට ගෙනවිත් තිබූ බහාලුමක් රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමේ දී මෙම දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම බහාලුම තුළ ්4 කඩදාසි අඩංගු බවට ශ්‍රී ලංකා රේගුවට තොරතුරු ඉදිරිපත් කර තිබූ අතර රේගුව සිදුකළ මූලික විමර්ශනවලදී දුම්වැටි පිළිබඳ කිසිදු සඳහනක් ඉදිරිපත් කර නොතිබූ බවත් රේගුව සඳහන් කරයි.

දුම්වැටි තොගය පිළිබඳව වැඩිදුර විමර්ශන රේගු ආදායම් අධීක්ෂණ අංශයේ ජංගම ශාඛාව මගින් සිදු කෙරේ.

ප්‍රභාත් විතාන


advertistmentadvertistment