ඉන්දියාවේ බිහාරයේ (Bihar) ගයා දිස්ත්‍රික්කයේ මහාබෝධි විහාර සංකීර්ණය (Mahabodhi Temple complex) පිහිටා ඇත. නමුත් යටත් විජිත සමය වන විට එය බෞද්ධ ජනතාවට වන්දනා කළ නොහැකි අප්‍රකට ස්ථානයක්ව පැවතුනි.
බි්‍රතාන්‍ය යටත් විජිත සමයේ දී පුරාවිද්‍යාව භාරව කටයුතු කළ ඇලෙක්සැන්ඩර් කනිංහැම් (Alexander Cunningham) මහා බෝධිය පිළිබඳ පර්යේෂණ කර සංරක්ෂණය කරන්නට මූලිකත්වය ගන්නා ලදී. කනිංහැම් තම වාර්තාව 1892 දී Mahabodhi or the great Buddhist temple under the Bodhi tree at Buddha-Gaya ප්‍රකාශයට පත් කළේය. අද පවා අප දකින්නේ කනිංහැම්ගේ වැඩවලම ඉදිරි පියවර කීපයකි.
බුද්ධකාලීන යුගයේදී සැදැහැවත් බෞද්ධයා සංවේග උපදවා ගැනීම සදහා නිර්දේශ කර ඇති ස්ථාන හතරෙන් එකක් වන්නේ බුද්ධ ගයාවයි. භාරත් කැටයම් ඵලකයෙහි (Bharhut is a village in the Satna district of Madhya Pradesh Central India) ඇති මහා බෝධිය වටා ඉදිකිරීම් දක්නට නැත. සාංචියෙහි ඇති මාර පරාජය නිරූපණය වන එක් කැටයමක බෝධිය වටා ඉදිකිරීම් නැත. වජ්‍රාසනය චාම් ලෙස කැටයම් රහිතව ඇත. වම් පස තොරණක හා ආවාසයක් පැවැති බව සිතිය හැකිය. මහා බෝධිය නිරූපණය වන භාරත් කැටයම් ඵලකයෙහි ‘භගවතො සකමුනිනො බොධො“(Bhagavato Sakamunino Bodho) යන්න අපර බ්‍රාහ්මී අක්ෂර වලින් කොටවා ඇත. මහාබෝධි භූමියෙන් හඳුනාගත් ක්‍රි.ව. 850ට අයත් ධර්මපාල රජුගේ සමයේදී රචනා කළ සෙල් ලිපියක “මහාබෝධි නිවාසිනාම්” යනුවෙන් මෙම ස්ථානය මහා බෝධිය බව තහවුරු කරන පාඨයක් ලියවා ඇත. එබැවින් බුද්ධත්වයට පත් වූ ස්ථානය සෙල්ලිපි මගින්ම මනා ලෙස තහවුරු වී ඇත.
මහාබෝධියේ මෞර්ය අධිරාජ සමයේ ස්වරූපය තේරුම් ගැනීමට සාංචියෙහි (‘Sanchi Stupa is a Buddhist complex” in Raisen District of the State of Madhya Pradesh” India’) ඇති කැටයම් ඵලක වලින් සපයන ආලෝකය සුලු-පටු නොවේ. සාංචි කැටයම් ඵලකයේ නිරූපණ යන්නේ බෝධි ප්‍රාකාරයකින් අලංකාර කළ උස් බැමි සහිත ඉදිකිරීමකි. උස් බැමිවල ඇති කවුළුවලින් බෝධි ශාඛා එළියට පැමිණ ඇත. පහළ වජ්‍රාසනය මත ත්‍රිශූල සංකේතය නිරූපණය වෙයි. සාංචියෙහි තවත් ඵලකයක අශෝක අධිරාජ්‍යයා (Mauryan emperor Ashoka¦ 268 BC) ශ්‍රී මහා බෝධිය වැඳීමට එහි සැපත් වූ අවස්ථාව කැටයම් කර ඇති පලකයේද විශාල ඉදිකිරීම් දක්නට නැත. සුංග රාජ වංශයේ පසුකාලීන පාලකයන් මුල් කාලීන දැවමය ඉදිකිරීම් කල් පවතින සේ ගල්වලින් ඉදිකරවා ඇත.
මහාබෝධිය වැඳීමට අශෝක අධිරාජ්‍යයා පැමිණීම සාංචි ස්ථූප කැටයමක නිරූපණය කර ඇති ආකාරය
මහා බෝධියේ කුෂාණ අධිරාජ සමයේ ස්වරූපය පිළිබඳ ඉතාමත් වැදගත් තොරතුරු හමුවන්නේ හුවිශ්ක අධිරාජ්‍යයාගේ (Huvishka (Kushan Empire from the death of Kanishka 150 CE) පාලන සමයේදීය. හුවිශ්ක මහාබෝධි විහාරය සුමේරියානු ශිෂ්ඨාචාරයේ සිගුරත් (ziggurats) නමැති පිරමීඩාකාර දේවාල ගොඩනැඟිල්ලට සමාන ලෙස පිරමීඩාකාරව මහබෝධි විහාරය ගොඩනඟා ඇත. එහි ස්වරූපය තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් වන 3 වැනි සියවසට අයත් මැටි ඵලකයක් පාටලීපුත්‍ර නගරයට ආසන්න, කුම්රාහර් නමැති ස්ථානයෙන් හමුවිය. කුම්රාහර් ඵලකය (Kumrahar Palque) හුවිස්කගේ මහා බෝධි විහාරය නිරූපණය වෙන බව කරෝෂ්ඨි අක්ෂරවලින් ලියූ ලේඛනයකින් තවදුරටත් තහවුරු විය. මෙම සුවිශේෂී පුරාවස්තුව නොහොත් කුම්රාහර් ඵලකය මේ වනවිට පැට්නා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. කුම්රාහර් පුවරුවෙන් නිරූපණය වන මහා බෝධි විහාරය ඊට වසර තුන්සීයකට ඉහතදී අශෝක ඉදිකළ විහාරයට වඩා දැවැන්ත ඉදිකිරීමක් බවත් එය මහායාන බෞද්ධයන් වන හුවිශ්ක නමැති කුෂාණ පෙලපතේ අධිරාජ්‍යයා කරවා ඇති බවත් පිළිගැනෙයි. මේ කැටයම් ඵලකය කොතරම් වැදගත්ද යත් ඉන්දීය වාස්තු විද්‍යා ඉතිහාසයේ පෙරළිකාර නව සොයා ගැනීමක් ලෙස හින්දු කෝවිල් ලෙස හඳුන්වන ගොඩනැඟිලි විශේෂයට ආදර්ශ වී තිබෙන්නේ බෞද්ධ වාස්තු විද්‍යා ඉදිකිරීමක් වන මහා බෝධි විහාරය බව තහවුරු වීමයි.
කුම්රාහර් ඵලකය (Kumrahar Palque)
ලංකාවද ඉපැරණි යුගවලදීම මහා බෝධිය හා සම්බන්ධතා පවත්වා ඇති ආකාරය එහි ශිලා ලිපියකින් පුදුම සහගත ලෙස තහවුරු විය. එනම් හුවිශ්කගේ පාලන සමයේදී ලංකාවෙන් මහා බෝධිය වන්දනා කිරීමට පැමිණි බෝධිරක්ෂිත (Bodhiraksita) හිමියන් පිහිටවූ ශිලා ලේඛනයක් කියවා ඇත. මීට අමතරව රසවාහිණියේ චූලතිස්ස භික්ෂූන් වහන්සේ සමග පිරිසක් මහා බෝධිය වන්දනා කිරීමට ගිය ගමන් විස්තරයක් ලියැවී ඇත. ඊටත් අමතරව සීහලවත්ථුවේ කතා කීපයකම මහබෝ වැඳීමට නැව් නැගී ගිය ගමන් විස්තර කීපයක් ඇත. මේ කතා පුවත් එකක් නෑර සනාත කරනු ලැබ ඇත්තේ මුල් කාලයේ සිටම ලංකාවේ බෞද්ධයන් මහා බෝධි විහාරය හා සමීප සබඳතා පැවැත්වූ බවය. ඔවුන’තරින් සුවිශේෂී කෙනෙකු වන්නේ මහා බෝධිය වන්දනා කළ බව එහි ශිලා ලිපියකින් තහවුරු වී ඇති මහාවංශය රචනා කළ මහානාම හිමියන් ය.
මහා බෝධි විහාරයේ හුවිශ්ක රජුගේ අනුග්‍රහයෙන් ඉදිකළ වජ්‍රාසනය
සුප්‍රකට චීන දේශාටක ෆාහියන් හිමියන්ගේ පැමිණීමෙන් පසුව, පස්වැනි සියවසේදී දෙවරක්ම මහා බෝධිය වන්දනා කළ චීන දේශාටක හියුං-සාං (Xuanzang) භික්ෂුව මහා බෝධි විහාරයේ මූණත අඩි 50 ක් පළල බවත්, අඩි 170ක් උස බවත් වාර්තා කර ඇත. මේ නිසාම හියුං-සාං වාර්තා කරන මහාබෝධි විහාරය හුවිශ්කගේ ඉදිකිරීමට වඩා උස බව පෙනෙයි. මීට හේතුව 4 වැනි සියවස අගදී ගංගා නිම්නය ආක්‍රමණය කළ මිහිරකුල (Mihirakula or Mahiragula (AlchonHYPERLINK/https (en.wikipedia.org/wiki/Alchon.Huns Hunking-502 and 530 CE) නමැති උග්‍ර බෞද්ධ විරෝධී හිංදු උන්මත්තකයා විසින් මහා බෝධි විහාරය විනාශ කර තිබීමයි. නමුත් පසුකාලීන ගංගා නිම්න පාලකයකු වන නරසිංහගුප්ත බාලාදිත්‍ය (Narasimhagupta Baladitya was the Gupta Emperor from 495 to 530 CE’) නැමැති ගුප්ත පෙළපතේ රජ කෙනකු විසින් මහාබෝධි විහාරය නැවත ගොඩනඟා ඇති බවත්, හියුං-සාං වාර්තා කරන මහාබෝධි විහාරය බාලාදිත්‍ය ගොඩනැඟූ විහාරය බවත් පෙනෙයි. වෙනත් වෘත්තාන්තයක කියැවෙන පරිදි ලංකාවේ සිලාකාල රජු තම තුරුණු විය මහාබෝධිය ඇසුරේ ගතකළ බව වාර්තා වෙයි. ක්‍රි.ව. 4 වැනි සියවසේ මුල් භාගයේදී, මේඝවර්ණාභය රජුගේ බාල සොහොයුරා (304-332) ඉන්දියාවට වන්දනා ගමනක් ගිය විට, ඔහුට නිසි නවාතැන් පහසුකම් ලබා ගැනීම දුෂ්කර වී ඇත. මේ නිසා මේඝවර්ණාභය රජු එහි පාලකයාගෙන් අවසර ගෙන මහ බෝධියට උතුරින් විවේකාගාරයක් කරවා ඇති බව කියැවේ. මේ අයුරින් ලංකාවේ පාලකයන් ගැන කියැවෙන අප්‍රකට වෘත්තාන්ත කීපයකින්ම ලංකාවේ බෞද්ධයන් මහබෝධි විහාරයේ පැවැත්මට හා අභිවෘද්ධිය පතා දැවැන්ත දායකත්වයක් සපයා ඇති බව හෙළිදරව් වෙයි.
නරසිංහගුප්ත රජුගෙන් පසුව පූර්ණ වර්මන් රජුද මහා බෝධිය තවදුරටත් දියුණු කර උස් ප්‍රාකාර බඳවා ගොඩනැඟිලි ප්‍රති සංස්කරණය කර ඇත. මහා බෝධිය කපා දමා සසංක නමැති හින්දු ඒකාධිපතියා බිහිසුණු විනාශයක් කර තිබියදී නැවත බෝධිය මුල් අද්දවා රෝපණය කරවා ඇත්තේද පූර්ණ වර්මන් රජුය. ටිබේට් සංචාරකයන්ද වරින් වර පැමිණ මහා බෝධිය ගැන වාර්තා කර ඇත. ටිබෙටයෙන් පැමිණි ධර්මස්වමින් (Dharmasvamin) ක්‍රි.ව. 1234 වාර්තා කර ඇත්තේ, එවකට භික්ෂූන් හතර නමක් එහි විසූ බවත් මුස්ලිම් ආක්‍රමණිකයන් කරන විනාශය ගැන ඔවුන් මහත් කම්පනයෙන් පසුවූ බවත් ධර්මස්වමින් වාර්තා කර ඇත. 1199 දී මුස්ලිම් ආක්‍රමණිකයන් විසින් බුද්ධගයාවට දැවැන්ත විනාශයක් කර ඇති බව පිළිගැනෙයි. තත්ත්වය එසේ පවතින විට ටිබෙට් යෝගියෙකු වන උග්යෙන් (Ugyen Sangge) ගේ වාර්තාවක කියැවෙන්නේ 1286 වසරේ දී ඔහුට මහා බෝධි විහාරය අලුත්වැඩියා කිරීමට එවකට ලංකාවේ රජු උපකාර කළ බවකි. මේ විදේශීය වාර්තා අනුව ලංකාව නිරන්තරයෙන්ම බුද්ධගයා විහාරයට ආධාර උපකාර කරමින් එහි පැවැත්ම ගැන වගවීම් සහගතව ක්‍රියා කර ඇති බව පෙනේ.
පාල – සේන රජවරු තවදුරටත් මහා බෝධි විහාරයට අනුග්‍රහ කර පවත්වා ගෙන ආ නමුත් මහමදික ආක්‍රමණිකයන් බෞද්ධයන්ගේ අති පූජනීය පුදබිම ඛේදජනක ලෙස විනාශ කර තිබියදී ගොඩනැඟිලි අවශේෂ හින්දූන් දීර්ඝ කාලයක් පුරා අත්පත් කරගෙන තිබුණි. අනගාරික ධර්මපාලතුමාගේ වෑයමේ ප්‍රතිඵලයක් ලෙස මහා බෝධි විහාරය නැවත බෞද්ධ අපට උරුම විය. මේ තරම් පෞරාණික වාර්තා සහ පුරාවිද්‍යා සාධකවලින් ඕනෑවටත් වඩා ඉන්දියාවේ පිහිටි මහා බෝධිය තහවුරු කර ඇතත් ලංකාවේ බුද්ධ ගයාවක් ගැන බොරු පතුරවන්නේ ඇයි?
ලලීන්ද්‍ර සන්නස්ගම
සීවලී මධ්‍ය විද්‍යාලය