ගලහිටියාව ජාතික පාසලේ නව විදුහල්පතිනිය වැඩ භාරගනී

112

ගණේමුල්ල, ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ නව විදුහල්පතිනිය වශයෙන් උදේශිකා කාරියවසම් මහත්මිය සුබ මොහොතින් මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ වැඩ භාර ගත්තාය.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I විදුහල්පතිනියක වන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ වසර 11 ක් ද, ගුරුකුල විද්‍යාලයේ වසර 5 ක් ද නියෝජ්‍ය විදුහල්පතිනියක ලෙස සේවය කර ඇති අතර ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියක ලෙස වසර 5 ක් සේවය කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී (ගණිතය) උපාධිධාරිනියක වන ඇය කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ දීප්තිමත් ආදිශිෂ්‍යාවකි.

ගම්පහ සමූහ – සුසිල් රණමුක

advertistmentadvertistment
advertistmentadvertistment