ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් රග්බි කණ්ඩායමට FONDRE අනුග්‍රහය

69

(වමේ සිට) දිනේෂ් කුමාරසිංහ (ක්‍රීඩා අධ්‍යක්ෂ, සා. තෝමස්), සෂිනි වන්නිආරච්චි (අලෙවි කළමනාකාරිනි Pyramid Wilmar), නදීශා චන්ද්‍රසේකර (අලෙවි ප්‍රධානී, Pyramid Wilmar), හිරන්ත් ප්‍රනාන්දු (විකුණුම් හා අලෙවි ප්‍රධානී, Pyramid Wilmar), මාර්ක් බිලිමෝරියා පියතුමා (විදුහල්පති, සා. තෝමස්, ගල්කිස්ස), යෙහාන් බුලත්සිංහලගේ (සා. තෝමස් රග්බි නායක), අසංක පෙරේරා (උප විදුහල්පති, සා. තෝමස්), චිරන්ත ද සොයිසා (සභාපති, රග්බි උපදේශන, සා. තෝමස්) මහත්ම මහත්මීහු අනුග්‍රාහකත්වය පිරිනැමූ අවස්ථාවේදී.

මෙවර පාසල් රග්බි තරගාවලියේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් රග්බි කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස Pyramid Wilmar (පුද්.) සමාගම විසින් බෙදාහැරීම හා අලෙවිය සිදු කරන FONDRE Fat Spread එක්ව සිටී.

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් රග්බි කණ්ඩායමට FONDRE අනුග්‍රහය

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල දිගු කාලයක් තිස්සේ රග්බි ක්‍රීඩාවෙන් ඉමහත් කීර්තියක් අත්පත්කර ගැනීමට සමත්ව ඇති අතර, තරුණ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවන් ප්‍රදර්ශනය කිරීම හා ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් මෙවර තරගාවලිය සඳහා තෝමියන් ක්‍රීඩකයන් වෙත අනුග්‍රාහකත්වය ලබාදීමට -FONDRE Fat Spread කටයුතු කර ඇත. මෙමඟින් ක්‍රීඩා පිටියේදී හා ඉන් පිටතදී ඔවුන්ගේ හැකියාවන් විදහා දැක්වීම සඳහා ඔවුන් සවිබල ගැන්වීමට මේ අනුග්‍රාහකත්වයෙන් බලාපොරොත්තු වෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Pyramid Wilmar (පුද්.) සමාගමේ විකුණුම් හා අලෙවි ප්‍රධානී හිරන්ත් ප්‍රනාන්දු මහතා පවසන්නේ වඩා ක්‍රියාශීලී හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උරුමකර දීම වෙනුවෙන් කැපවී සිටින සන්නාමයක් ලෙසත් FONDRE Fat Spread මෙවර පාසල් රග්බි තරගාවලිය වෙනුවෙන් සාන්ත තෝමස් විදුහල් රග්බි කණ්ඩායමට අනුග්‍රාහකත්වය දීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටු වන බවත්, මේ තුළින් තරුණ ක්‍රීඩකයන්ගේ හැකියාවන් ඉහළ නැංවීම සඳහා සහාය වීම තුළින් අනාගත පරම්පරාවේ විනය, කණ්ඩායම් ක්‍රියාකාරකම් මෙන්ම ක්‍රීඩාශීලීත්වය පිළිබඳ වටිනාකම් වර්ධනය කිරීම සිය අරමුණ වී ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment